දේශීය

ඉන්ටර්වල් එකේදී දස හැවිරිදි දැරිය දුෂණය කල චීවරධාරියා අත්අඩංගුවට

ගාල්ල අධ්‍යාපන කලාපයේ පාසලක අවුරුදු දහයක දැරියක් වසර තුනක කාලයක සිට ලිංගික අතවරයට ලක්කල බව කියන චීවරධාරියකු අත් අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත.

සිද්ධියට මුහුණ පා ඇති දැරිය තමන්ට සිදුවන අතවරය සම්බන්ධයෙන් සිය පන්තිභාර ගුරුතුමියට ප්‍රකාශ කිරීමෙන් පසු ගුරුවරිය විදුහල්පතිවරයා දැනුවත් කර තිබෙන බවත් විදුහල්පතිවරයාගේ මෙහෙයවීම යටතේ අදාල අංශ වෙත සිද්ධිය පැමිණිලි කර තිබෙන බවත් දෙමාපියෝ ප්‍රකාශ තිබේ.

මෙම සිද්ධියට අදාලව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් එම දරු පවුලට මුදල් හා තෑගි බෝග ලබා දීමට පලාතේ දේශපාලනඥයකු ඇතුලු ප්‍රදේශයේ ජනප්‍රිය වෙනත් පාසලක විදුහල්පතිනියක් මැදිහත් වී අදාල යෝජනා කර තිබෙන බවද දැන ගන්නට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකු හෝ නොකරන ලෙස එම විදුහල්පතිනියක් අවස්ථා කිහිපයකදීම දැරියගේ දෙමාපියන්ට බලපෑම් කර ඇති බව ද අතවරයට පත් දැරිය අධ්‍යාපනය ලබන පාසැලේ දෙමාපියෝ ප්‍රකාශ කරයි.

මෙවර පස්වන (05) ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම දැරිය පවුලේ එකම දියණිය වන අතර ඇයට පිරිමි සහෝදරයන් දෙදෙනෙකු ද සිටින බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා. විදුලිය පහසුකම් නොමැති කටු මැටියෙන් සැකසූ නිවසක පදිංචි මොවුන් අසරණ දරු පවුලක් බවද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස්නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

දැරිය පදිංචි ප්‍රදේශයේ විහාරස්ථානයේ චීවරධාරියකු විසින් වසර 03 ක පමණ කාලයක සිට දැරිය විහාරස්ථානයට යන අවස්ථාවල දී මෙන් ම දහම් පාසල් අධ්‍යාපනය සඳහා ගිය අවස්ථාවලදී අතවරයට පත්ව තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

දැරිය දහම් පාසැල් පැමිණි දිනවල ලැබෙන තේ විවේකයේදී මෙන්ම ලැබෙන අනෙකුත් අවස්ථාවලදී මෙම දැරිය ඇතුලු තවත් දැරියන් කිහිප දෙනෙකු පන්සල ඇතුලේ කාමරයකට ගෙන ගොස් අතවර කර ඇති බවද ළමා ප්‍රවර්ධන නිලධාරින් පරිවාස නිලධාරින් හමුවේ ප්‍රකාශ කර ඇත.


දම්සරී ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button