විදේශීය

කුළුදුල් දරු උපතින් දින 26කට පස්සේ නිවුන් දරු උපතක්

බංග්ලාදේශ කාන්තාවක් සිය ප්‍රථම දරු උපතින් දින 26කට පසු නැවත නිවුන් දරුවන් බිහිකර තිබේ.

20 හැවිරිදි අරීෆා සුල්තානා නම් මෙම කාන්තාව සිය ප්‍රථම දරු උපත් සිදුකර ඇත්තේ පසුගිය පෙබරවාරි අගභාගයේ. එම දරු උපතින් දින 26කට පසු ඇගේ උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත වී ඇති අතර එහිදී කළ පරීක්ෂාවෙන් ඇය තවදුරටත් ගර්භනීභාවයෙන් යුතු බව අනාවරණ කරගෙන තිබේ.

පසුව හදිසියේම සිදුකළ සිසේරියන් සැත්කමක් මඟින් එම නිවුන් දරුවන්ට උපත දී තිබේ.

බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන ඇය නිවුන් දරුවන් සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිට නැත. එහෙත් එම දරුවන් දෙදෙනාද සෞඛ්‍ය සම්පන්න බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

සිය ප්‍රථම දරු උපත බංග්ලාදේශයේ කුල්නා වෛද්‍ය විද්‍යාලයට අයත් රෝහලේදී සිදුකර ඇති අතර දෙවැනි වර නිවුන් දරුවන් බිහිකර ඇත්තේ පසුගිය 21 වැනි දින වෙනත් රෝහලකය.

එම රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ෂෙයිලා පොඩ්ඩාර් BBC වෙත පවසා ඇත්තේ එම නිවුන් දරුවන්ගේ පිහිටීම සම්බන්ධයෙන් පුදුමයට පත් වූ බවයි. ඊට පෙර මෙවැන්නක් නිරීක්ෂණය වී නොතිබුණ බවද ඇය පවසා තිබේ.

කෙසේවෙතත් එම කාන්තාව සහ ඇගේ සැමියා දරිද්‍රතාවයෙන් පෙළෙන අතර පළමු දරු ප්‍රසූතියට පෙර අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් හෝ කර නොතිබුණු බවයි වෛද්‍ය ෂෙයිලා පොඩ්ඩාර් පවසා ඇත්තේ.

කෙසේවෙතත් ඔවුන්ගේ දරුවන් නිරෝගීව සිටි බව වෛද්‍ය ෂෙයිලා පොඩ්ඩාර් සඳහන් කර ඇත.

මෙම පුදුමය දනවන දරු උපත් පිළිබඳ මව වන අරීෆා සුල්තානා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම නිරෝගී දරු උපත් අල්ලාහ් දෙවියන්ගේ හාස්කමක් ලෙස විශ්වාස කරන අතර ඔවුන් කෙතරම් අඟහිඟකම්වලින් පෙළුනත් හැකි උපරිමයෙන් දරුවන් වෙනුවෙන් කැප වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button