දේශීය

“විල්පත්තු වනයට කිසිඳු හානියක් සිදු වී නෑ…. මේ රටේ ඉන්න ඕනෙ සිංහලයො විතර ද?” – පූජ්‍ය පොළොන්නරුවේ විජිතලංකාර හිමි

විල්පත්තු රක්ෂිතයේ ගැටලුව සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් ඉරිදා (මාර්තු 24) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, විල්පත්තු රක්ෂිතයට කිසිදු හානියක් සිදු වී නොමැති බවය.

එහිදී පූජ්‍ය පොළොන්නරුවේ විජිතලංකාර හිමි අවධාරණය කළේ, විල්පත්තු වනයට කිසිඳු හානියක් සිදු වී නොමැති බවය.

පූජ්‍ය පොළොන්නරුවේ විජිතලංකාර හිමි

“එදා තිබුණ ඉඩකඩම්වල ගස් කොළන් හැදුණා. අවුරුදු 30කට පස්සේ. මේව විනාශ කළේ නැහැ. හැබැයි ඒ උදවිය තමන්ගේ ඉඩකඩම් සුද්ද කර ගත්තා. ගස් කොළන් වැවිච්ච හිඟුරු ගාල සුද්ද කර ගත්තා. සුද්ද කරගෙන ඒ මිනිස්සු පදිංචි වුණා. එතකොට මං අහන්නේ, ඔය කෑගහන පිරිසට මං අහන්නේ, ඒ මුස්ලිම් ජනතාවට මේ රටේ ඉන්න බැරි ද? දෙමළ ජනතාවට මේ රටේ ඉන්න බැරි ද? සිංහලයො විතර ද මේ රටේ ඉන්න ඕන?”

මේ අතර, එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමි පැවසුවේ, “මේ ප්‍රශ්නයට මුස්ලිම් වීම නිසා විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙන” බවය.

පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමි

“සිංහල, දෙමළ ගම්මානවලත් මේ තත්ත්වය ම දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් රන්කෙත්ගම වගේ ගම්මාන, වවුනියාව දිස්ත්‍රික්කයේ. ඒවලටත් යනකොට තිබුණේ, අවුරුදු තිහක වනාන්තර. ඒවත් මෙහෙම ඩෝසර් කරලා තමයි නැවත පදිංචි කිරීම් ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නයට මුස්ලිම් වීම නිසා විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා,” පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button