දේශීය

රාජ්‍ය ආයතනවල මුදල් නාස්තිය උපරිමයි

රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන නාස්තිය නිසා රාජ්‍ය වියදම්වලින් සියයට විසිපහක ප්‍රතිශතයක් අවභාවිත වන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

රාජ්‍ය ආයතන තුළ නාස්තිය අවම කරගනු ලැබුව හොත් ඒ ආයතන සඳහා වියදම් වශයෙන් ලබා දී තිබෙන මුදල්වලින් සියයට විසිපහක ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවත්, නිසි ලෙස මුදල් කළමනාකරණය කරගෙන වියදම් කිරීමේ ක්‍රමවේදය වන මුල්‍ය විනය සියයට සියයක් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රාජ්‍ය ආයතන තුළ අතිවිශාල ප්‍රමාණයක් කඩදාසි භාවිතා කරන අතර ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බවත් අන්තර්ජාලය ආදී නවීන තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමෙන් කඩදාසි සඳහා වැය වන මුදල් ඉතිරි කරගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය ආයතන ණය ලබා ගෙන ව්‍යාපෘති සිදුකළත් ඒවායින් බොහොමයක් දිගුකාලීන දැක්මක් නැති ඒවා බවට පත්වීම, රාජ්‍ය ආයතන පහළට ඇද වැටීමට හේතු වී තිබෙන බව ද ඔහු අනාවරණය කළේය.


ලෝරන්ස් ෆර්ඩිනෑන්ඩු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button