ක්‍රීඩා

අසල්වැසියෝ යළිත් ගැටෙති

මේ දවස්වල දේශීය ක්‍රිකට් පිටියෙ වැඩිපුරම කතාවෙන මාතෘකාවක් තමයි මහා ක්‍රිකට් තරග කියන්නෙ. කොළඹ, නුවර, ගාල්ල වගේ පැතිවලට මහා ක්‍රිකට් තරගයක් කියන්නෙ ඒ තරම් අරුමයක් නොවුනාට ලංකාවේ හැම අස්සක මුල්ලකම ඉන්න ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් උණ අසාධ්‍ය කරන කාල සීමාවක් තමයි මේ කාල සීමාව.

මීට අවුරුදු 04 කට විතර කලින් මුළු වෙල්ලස්සම හොල්ලපු මහා ක්‍රිකට් තරගයක් මොණරාගලත් තිබුණා. ඒ තමයි මොණරාගලට තිබුණ එකම මහා ක්‍රිකට් තරගය. තරගය පැවැත්වුණේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධානම පාසල් දෙක වන මොණරාගල මහානාම ජාතික පාසල සහ මොණරාගල රාජකීය ජාතික පාසල අතර.

නමුත් 2014 වසරෙ පැවැත්වුණු තරගය අතරතුර ඇතිවුණු ගැටුම්කාරී තත්වය නිසා මේ තරගය ඊට පස්සෙ පැවැත්වුණේ නෑ. ඔන්න අවුරුදු 04කට පස්සෙ ආයෙත් මේ විද්‍යාල දෙක අතර මහා ක්‍රිකට් තරගය පවත්වන්න විද්‍යාල දෙකේ ම ආදි ශිෂ්‍ය සංගම් මැදිහත්වෙලා තියෙනවා.

තරගය පැවැත්වෙන්නෙ අප්‍රේල් 03 දා. බුත්තල යුධහමුදා කදවුරු ක්‍රීඩාංගනයේ. සමාරම්භය ගන්නෙ මොණරාගල මහානාම විද්‍යාලයේ සහ මොණරාගල රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 12 වෙනිදා පැවැත්වෙන රථ පෙළපාලියෙන්.

මොණරාගලට ආයෙත් ක්‍රිකට් එනකම් බලාගෙන හිටපු ක්‍රිකට් ලෝලීන්ට නම් අසල්වාසීනගේ ක්‍රිකට් ගැටුම ආයෙත් පටන්ගන්නවා කියන ආරන්චිය සුබ ම සුබ ආරන්චියක් වේවි.


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button