දේශීය

තලවකැලේ ලිදුල නගර සභාවේ සනිපාරක්ෂක කම්කරුවෝ දින තුනක් වැඩ වර්ජනයක

තලවකැලේ ලිදුල නගර සභාවේ සනිපාරක්ෂක කටයුතු වල නිරතව සිටින කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කරමින් අද (11) උදැසන එම නගර සභාව ඉදිරිපට උද්ඝෝෂනයක නිරත විය.

නගර සභාවේ සනිපාරක්ෂක කටයුතු වල නිරතව සිටන අනියම් කම්කරුවන් 8 දෙනෙකුට පෙබරවාරි මාසයේ ගෙවිමට නියමිත වැටුප නොගෙවිමට විරෝධය පා එම නගර සභාවේ සනිපාරක්ෂක සේවයේ නිරතව සිටින ස්ථිර සේවකයන් 22 ද එම අනියම් සේවකයන් 8 දෙනාට සහයෝගය දක්වා වැඩ වර්ජනය කරමින් සියළු දෙනා එක්ව නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂනයේ කළා.

කම්කරුවන් උද්ඝෝෂනයේ නිරතව සිටන අවස්තාවේ නගර සභාවට පිවිසි එම නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා සමග උද්ඝෝෂනයේ නියැලි සිටි කම්කරුවන් සාකච්ජාව පැවැත්විමෙන් අනතුරුව සභාපතිවරයා අද පස්වරු 1 ප්‍රථම හිග වැටුප ලබාදෙන බවට වු පොරොන්දුවක් මත වැඩ වර්ජනයේ සහ උද්ඝෝෂනයේ නියැලි සිටි කම්කරුවන් යලිත් සේවයට වාර්තා කරනු ලැබුවා.

සභාපතිවරයා උද්ඝෝෂනයේ නියැලි සිටි කම්කරුවන් හමුවේ කියා සිටියේ තම නගර සභාවේ වැඩ බලන ලේකම් වරයා පසුගිය මාස කිහිපය තුලම අදාල අනියම් කම්කරුවන්ට මාසික වැටුප් නිසි ලෙස ගෙවා පෙබරවාරි මාසයේ වැටුප ගෙවිම අත්හිටු විම නිසා මෙම ගැටළුව මතු වු බවයි.

නගර සභාව අපහසුතාවයට පත් කිරිමේ අපෙක්ෂාවෙන් වැඩ බලන ලේකම්වරයා වැටුප් ගෙවිම අත්හිටුවා ඇති බවටද සභාපතිවරයා චෝදනා කර සිටියි.

නගර සභාවේ කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනය කිරිම නිසා තලවකැලේ නගර සිමාවේ දිනපතා එක්රැස් වන කැලි කසල කම්කරුවන් විසින් එකතු නොකරන නිසා පරිසර ගැටළු රැසක්ද මතු වි තිබුණි.

අනියම් කම්කරුවන්ට වැටුප් ගෙවිම ප්‍රමාද විම සම්බන්ධයෙන් එම නගර සභාවේ වැඩ බලන ලේකම් විරකොන් බණ්ඩාර මහතාගෙන් කරුණු විමසිමට අප අවස්තා කිහිපයකදි ඔහුගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එම ඇමතුම්වලට ලේකම්වරයා ප්‍රතිචාර දැක් වුයේ නැහැ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button