විශේෂාංග

මෙරටදී වධහිංසාවට ලක්වූ තරුණයෙකුට බ්‍රිතාන්‍යය අධිකරණයෙන් ඵෙතිහාසික තීන්දුවක්

රැකවරණ පතා පැමිණි ‘KV’ නමින් හැඳින්වෙන ලාංකිකයෙකු විසින් ගොනුකළ නඩුවකට එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ඵෙතිහාසික තීන්දුවක් ලබාදෙමින් පසුගිය බදාදා (6) පවසා සිටියේ වෛද්‍ය විශේෂඥයින් ලබාදෙන නිගමනයක් නොසලකා හැර කටයුතු කිරීම එරට පහළ උසාවිය විසින් සිදුකරන ලද වැරැද්දක් බවයි. වදහිංසාවට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් අදාළ අධිකරණ වෛද්‍ය සාක්ෂි පදනම් කරගෙන මේ තීන්දුව ලබාදී තිබේ.

වධහිංසාවට ලක්වූ තරුණයා

‘KV’ නම් මෙම තරුණයා 36 හැවිරියේ වියේ පසුවන ලාංකිකයෙකු වන අතර ස්වදේශ කටයුතු කාර්යාලය සිය රැකවරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් යොමුකර තිබුණි. වෛද්‍ය විශේෂඥයින්ගේ මතය විනිශ්චය සභාවට ඉදිරිපත් කළ අතර වධ හිංසා පිළිබඳ තක්සේරු කළහැකි සාක්ෂි මෙමගින් සැපයුණි. ඔහු ශාරීරික වධහිංසාවට ලක්වූ බවට ප්‍රමාණවත් සාක්ෂි සැපයුණු අතර ඉන් තහවුරු වූයේ රත්වූ යකඩ කූරක් යොදාගනිමින් ‘KV’ගේ සමට හානි සිදුකර ඇති බවයි.

අවුරුදු 10 කට කලින් විඳි කටුක අත්දැකීමේ දෝංකාරය 

අභියාචනාධිකරණය මෙය අනුමත කළ අතර එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ වෛද්‍ය විශේෂඥයින් විසින් ලබාදුන් සාක්ෂි අනුව ඔහු ලාංකීය බලධාරීන් අතින් වදහිංසාවට ලක්ව ඇති බවයි.
‘‘මං මේ නඩු තීන්දුව ගැන සතුටුවෙනවා, දරුණු වධහිංසාවට ලක්වී රැකවරණ පතන අයට මේ නඩු තීන්දුව උපකාරයක් වේවි. නමුත්, මගේ ජීවිතය අහිමි වුණු බව මට තාමත් දැනෙනවා. මාව අත්අඩංගුවට අරන් වධහිංසා වලට පැමිණෙව්වේ මීට අවුරුදු 10 කට කලින්, මට ඒ අත්දැකීම තදින් දැනුණා. ලංකාවේදී ගිණුම්කරණය හදාරමින් උන්නු මං හැමදේම පැත්තක දාලා මේ රටට ඇවිත් වසර 8 ක් ගතවෙලත් මගේ නඩුවට තීන්දුවක් ලැබෙන තෙක් බලා ඉන්න වුණා‘‘ මෙම නඩු තීන්දුව ගැන අදහස් දක්වමින් ‘KV’ පවසා සිටියේය.

රැකවරණ පතා පැමිණි ලාංකිකයා ආපසු සියරටට ? 

‘KV’ එල්ටීටීඊයට සම්බන්ධ වී සිටි අයෙකු වන අතර යුධ සමයේ අවසන් කාලසීමාවේදී සිට 2009 – 2011 වනතෙක් ඔහු මෙරට රඳවා තබාගෙන සිට ඇත. ඔහුගේ සිරුරේ පිට ප්‍රදේශයේ වදහිංසාවට ලක්වූ බව සනාථ කරන කැළැල් 5 ක් පැවති අතර දකුණත කොටසේ ද මෙවැනි කැළැල් දෙකක් පවතින තහවුරු විය. කෙසේවුවත්, ස්වදේශ කටයුතු කාර්යාලයේ අදහස වූවේ ‘KV’ තමන් වධහිංසාවට ලක්වූ බවට පවසන කතාව පිළිගත නොහැකි ඔහු නැවත ලංකාවට පිටත් කළයුතු බවයි. කෙසේවුවත්, දරුණු වධහිංසා වලින් පුද්ගලයින් ආරක්ෂා කිරීමට කැපවී සිටින Freedom from Torturethe Helen Bamber Foundation හා Medical Justice හි සහය ‘KV’ ට ලැබී තිබුණි.

The Guardian ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button