විශේෂාංග

අරුන් සොයා යාපනය පීරුවත්, අරුන් හම්බුනාද?

“ඇහුව ද යාපනේ කොල්ලගෙ කතාව.කොහොම ද ටෝක් එක…”

ඕක දකුණෙ දී අපි දැං සිය වතාවකට වඩා අහලා ඇති. මේක මෙහෙම කිව්වම ඇති අපිට කෙලින්ම අරුන් සිද්ධාර්ථන්ව මතක් වෙනවා. ඔහු සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙමළෙන් රස රස දේවල් කියනවා. බන පොත් කියවන හැටි කිව්වම අපේ උපාසක අම්මලගෙ මයිල් කෙලින් වෙනවා.

“මම දම්ම පදය කියවනවා…”

කිව්වම අපි අනේ සාදු කියනවා.

“ප්‍රභාකරන් මෝඩයෙක් ”

කිව්වම අපිට හරි ජොලි. අපි විසිල් ගහනවා. හැබැයි මේ කවුද කියන්න අපි කොහෙදිවත් පැහැදිලි කරගන්නෙ නෑ. ලොකුම ප්‍රශ්ණය තමයි ඒක. අන්න ඒ නිසා ලංකාවෙ චැනල් වීරයො මේ අරුන්ව නටවලා පෙන්නලා සල්ලි හම්බ කරන්නෙ.

කොහොම නමුත් අපි ගියා අරුන් සිද්ධාර්ථන්ව හොයාගෙන ඔහුගේ යාපනේට. අර ඔහු කියන යාපනේ හොයාගෙන. ඒ කියන්නෙ පාරෙ ඉන්න එවුන්ගෙ කනට ගහලා පොලීසියට ගෙනියනවා බලන්න. ඒත් එක්ක පොලීසියට ඇවිත් සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් යුක්තිය කතා කරලා ජය ගන්නා අරුන්ව බලන්න. ඒක හරියට දෙමළ චිත්‍රපටියක් වගේ. වීරයා අරුන්. දුෂ්ඨයා පොලීසියེ. අපි ඉන්නෙ වටේ. අපි යන්න කලින්ම ඇහුවා ඔහුව දන්නව ද කියලා. මගතොට හමුවෙන අයගෙන්. ඒකට හම්බුණ උත්තරය මාරයි.

අපි මුලින්ම මේ ගැන ඇහුවෙ යාපනය සරසවියෙ වව්නියාව කොටසෙ ඉගෙන ගන්න අයගෙන්.

“නෑ නෙ,
අපි දන්නෙ නෑ එහෙම කෙනෙක්ව….”

කියලා දෙමළ ළමයි කිව්වා.

“අපිත් දන්නෙ නෑ…”

කියලා කිව්ව සිංහල ළමයි ඒ අතර හිටියා

“මම ගෙදර ගිය වෙලාවක මල්ලි මගෙන් ඇහුවා එයා ගෙ ගැන. මම නං අහලා නෑ.
මෙහෙදි දන්නෙ නෑ….”

අපි වව්නියාවෙන් ගියා උඩට. ඕමන්තෙදිත් ඇහුවා. උතුර ගැන හොඳටම දන්න එල්.ටී.ටී.ඊ. වෙදමහත්තයගෙන්. ඔහුත් ඇහුවෙ

“කවුද ධර්මලිංගම් සිද්ධාර්ථන් ද?”

කියලා. නමුත් මේ එයා නෙමෙයි. එතකොට අරුන්ව එතනින් දන්නෙත් නෑ.
වව්නියාවෙන් උඩහට ගියා අපි කිලිනොච්චියට. කිලිනොච්චියෙදිත් එහෙන් මෙහෙන් මේ ගැන ඇහුවා. කවුරුවත් දැන ගෙන හිටියෙනෑ.

ඊළඟට මේ ගැන කතා කළා පලෙයි වල ඉන්න කෙනෙක් එක්ක. ඔහුට ඒක පැහැදිලිකරලා දෙන්න යූටියුබ් එකටත් යන්න වුණා. ඊට කලින් අපි ඔහුට හුඟාක් පැහැදිළි කළා මේ ගැන.
ඒ නිසාම ඔහු දුරකථනයෙන් කතා කළා පස් දෙනෙක්ට.

ඉන් එක්කෙනෙක් යාපනේ සරසවු ශිෂ්‍යයෙක්. ඔහු කිව්වා එහෙම කෙන්ක්ව දන්නෙ නෑ කියලා. නමුත් හොයලා බලන්න උත්සහ කරන්නම් කිව්වා. ඊට පස්සෙත් ඔහු කිව්වා එහෙම එකක් ගැන දැන ගන්න නෑ කියලා.

ඊළඟට ඔහු කතා කළා ග්‍රාමනිලධාරී වරයෙක්ට. ඔහු කිව්වා එහෙම කෙනෙක්ව දන්නෙ නෑ කියලා. ඔය කියන විදියෙ කෙනෙක් ඉන්නවා නම් අඩුම තරමෙ අහලාවත් තියෙන්න ඕන කියලා කිව්වා.
ඔහු තුන්වෙනිවයට කතා කළා යාපනේ පැත්තෙ වයසක ව්‍යාපාරිකයෙක්ට. ඔහුත් ඒ ගැන මොනවත්ම නොදන්නවය කියලයි කිව්වෙ. ආර්ංචියක්වත් ආවොත් කියන්නම් කියලා ඔහු පොරොන්දු වුණා.

පස්සෙ ඔහු ගත්තා කොළඹ ප්‍රභලම දේශපාලකයෙක්ගෙ සම්බන්දීකරණ කටයුතු කරන උතුරෙ කෙනෙක්ට. හැබැයි ඔහුත් කිව්වෙ එහෙම කෙනෙක්ව නං දන්නෙම නෑ කියලා.
අන්තිමට ඔහු කතා කලේ ඩග්ලස් දේවානන්ද මහත්තයගෙ ඉතාම කිට්ටු කෙනෙක්ට. ඒ වෙලාවෙ ඔහු හිටියෙ මන්ත්‍රී තුමත් එක්ක. හැබැයි ඔහු දන්නෙ නෑ කියලා කිව්වා. හවසට හොයලා බලලා කියන්නම් කිව්වා. හවස ඔහු කියලා තිබුණා එහෙම කෙන්ක් කොළඹ අය දන්නවා ලු. හැබැයි මම නං දන්නෙ නෑ කියලා.

අන්තිමට අපි මේ වීඩියෝව පෙන්නුව පලෙයිවල හිටපු අපේ හිතවතාට. ඔහු කිව්වෙ මෙහෙම.

“මෙයා යාපනේ කෙනෙක් නෙමෙයි. මම නං දැකලාවත් නෑ. හැබැයි මම මේ කියන්නෙ එයා දැකලා නැති නිසා නෙමෙයි. එයා කතා කරන විදිය බලන්න. යාපනේ දෙමළ අය එහෙම කතා කරන්නෙ නෑ. මේ විදියෙ කතා කියන්නෙත් නෑ. ඒ වගේම මේ විදියට සිංහල කතා කරන්නත් සාමාන්‍ය යාපනේ දෙමළ අයටබෑ.
සමහර විට මෙයා මෙහෙ ඉපදිලා ඇති. ඉස්කෝලෙ ගිහිල්ලා තියෙන්නෙ කොළඹ වෙන්න ඇති. හැබැයි සමහර විට මෙව හදන්නෙ මෙහෙන් පැනගන්න. එයාට ඕන කොහොම හරි මෙහෙ එයාට කරදරයි කියලා පෙන්නලා පැනගන්න. මෙහෙ අය කරන්නෙ ම ඕක තමයි….”

මේ කතා අහගෙන අපි ඊළඟට ගියා යාපනේ මාර්කට් එකට. එහෙදි හම්බුණා යාපනේම දන්න උදවිය. හැබැයි එයාලත් දැනගෙන උන්නෙ නෑ අරුන්ව. ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි. හැබැයි මේ තරම්ම උතුර ගැන දන්න මාර්කට් එකේ මිනිස්සුත් අරුන්ව දන්නෙ නෑ.

යාපනේ සරසවිය ළඟට අපි ගියා. ඒකෙ ඉන්න සිංහල ළමයිවත් මේ හාදයා ගෙ ගැන දන්නෙ නෑ. ඒ ගොල්ලොත් අරුන්ව අහලාවත් නෑ. දෙමළ ළමයි අතරත් එහෙම කෙනෙක් ගැන අදහසක්වත් නෑ.
ඒ නිසා අපි ගියා අරුන් උතුරෙ වුණත් දකුණෙ වීරයෙක් නිසා දකුණෙන් ඇවිත් උතුරෙ පැල පැදියං වෙච්ච කෙනෙක් හොයාගෙන. ඔහුත් කිව්වෙ පරණ කතාවමයි.

“දන්නෙත් නෑ අහලත් නෑ….”

ඊළඟට අපි ආවා ඔය ඔහු කියන විදියට ඔහු වැඩියෙන්ම යන එන පොලිස් බල ප්‍රදේශයට. ඒ තමයි චුන්නාගම්.
චුන්නාගම් වලත් මිනිස්සු මේ හාදයව දන්නෙ නෑ. ඒ නිසා අපිට අන්තිමට සිද්ද වුණා පොලීසියට යන්න. මොකද මෙයා මේ චුන්නාගම් පොලීසියටත් චෝදනා කරනවා. හැබැයි මේ පොලීසියෙත් සාමාන්‍ය නිළධාරි මේ ගැන දන්නෙ නෑ. වාසනාවකට චුන්නාගම් OIC මහත්තයා විතරක් අරුන් ගැන අහලා තිබුණා. ඔහු තමයි අපිට උතුරෙදි මුණ ගැහුණ අරුන්ව දන්න එකම මනුස්සයා.

අරුන් එක දවසක් පොලීසියට ඇවිල්ලා තිබුණා. ඒ ඔහුගෙ මහලේකම් වරයව හිරකරලා කියලා. ඔහු කියන විදියෙ පක්ෂයක් නෑ. ඒ වගේම ඒවෙලාවෙ අත්තඩංගුවට අරගෙ තියෙන ඒ කාලෙ “ආවා” කියලා කියපු කල්ලියටත් ඔහුගෙ සම්බන්ඳයක් නෑ.
ඇත්තටම ඔය ආවා කියන්නෙ කවුද කියලත් ටක් ගාලා පැහැදිලි කරලා දෙන්නම්. මේ ආවා කියන්නෙ එකම එක කොල්ලෙක්ගෙ අන්වර්ථ නාමය. ඒක වෙන්නෙ මෙහෙමයි. මේ ඉස්කෝලෙ වේගෙන්ම දුවපු කොල්ලා. ඒ නිසා ඌ ඉස්කෝලෙ දි මුයල් වෙනවා. ඒ කියන්නේ හාවා. හාවා කියන එක අපි ආවා කරගන්නවා.

මේ කල්ලියට මහ චෝදනා නෑ. කඩේකට ගහපුවා, සෝකේස් එකකට ගලක් ගහපුවා වගේ පොඩි චෝදනා මුන්‍ ට තියෙන්නෙ.
දේවා, සන්නා, ප්‍රකාශ් කියන අය තමයි මුලින්ම අත්තඩංගුවට ගන්නෙ. ආවා, අශෝක්, දලුරොක් අත්තඩංගුවට පත්වෙන ඊළඟ සෙට් එක. හැබැයි මේ අරුන් ආවා ඒකට අයිති නෑ. ඔහු ඒකට අයිති වෙන්න හදන්නෙ දැං.

හැබැයි ඔහු දකුණෙ කියන කතාවලට නොගැලපෙන කතාවක් පොලීසියට කියන්නෙ. ඔහු කියන්නෙ ඔහු රුසියාවෙ ඉගෙන ගත්තාය කියලා.
මේ අරුන්ව යාපනේ තිබුණ සංවර්ධන ‍රැස්වීමක දකින්න හම්බුණා කියලා කියනවා.
හැබැයි ඒ ආවෙ කාගෙ උවමනාවට ද කියලා කවුරුත් දන්නෙ නෑ, වගේම ඔහු එතන්දි කියන්න ගිය දේවල් එතනට අදාළ නැති නිසා නතර වෙලා තියෙනවා.
කොහොම නමුත් ඔහුව උතුර දන්නෙ නෑ. ඔහුව උතුරට අදාළත් නෑ. ඔහු ඔය කියන කතන්දර උතුරෙ ඇත්තටම ඇත්තෙත් නෑ. ඒත් ඔහු මෙහෙ ඇවිල්ලා මොකද්ද රූපයක් මවාපානවා. ඔහු මීට කලින් වසරක මැතිවරණයකට ආවාය කියන එක සහ කොළඹ පාසලක ඉගෙන ගත්තාය කියන එක අපිට හම්බෙන්නේ දකුණෙ කට කතා අතරින්.

නමුත් බලාගෙන ඉමු,
මේ උතුරෙ කවුරුවත් අහලවත් නෑ දකුණෙ වීරයා එන්නෙ මොකාටද කියලා. හැබැයි ඔහු කරන්නෙ රඟපෑමක් කියලා නං උතුරෙ මිනිස්සු හුඟාක් අය කියනවා.


ජීවන පහන් තිළිණ
මව්රට පුවත්පතෙන් උපුටා ගැනීමක්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close