විශේෂාංග

කෝච්චි පෙට්ටි සහ පාර්ලිමේන්තුවේ 225

ජැක් ගහන උන් ඉස්කෝල වල වීරයෝ උන සමාජයක කාන්තාවන්ට වෙනම කොච්චි පෙට්ටි වෙන්කරන එක සමාජය කොතරම් පිරිහිලාද උදාහරණයක්. ඒක හෙන උත්සවයක් තියල සමරන්න ඕනි දෙයක් නෙමෙයි. අඩන්න ඕනි කාරණාවක්. හැබැයි සමාජය හැදෙන්නෙත් නැත්නම් කරන්න පුළුවන් තාවකාලික විසදුම තමයි මේ කරලා තියෙන්නේ. මම දකින විදිහට මෙහෙම මැදිරි වෙන් කරපුවම තත්ත්වය දරුණු වෙන්න ඉඩ තියෙනවා. හිතන්න බැරි වෙලා හරි මේ කාන්තාවන්ට තියෙන මැදිරිය ඉඩ නැති වෙලා සමහර කාන්තාවන්ට මිශ්‍ර මැදිරිමැදිරි වල යන්න උනා කියලා. දැන් සමහර අසහන කාරයන්ට ලයිසන් එකක් හම්බෙනවා මේ මැදිරි වල ඉන්න කාන්තාවන්ට හිරිහැර කරලා බේරෙන්න. ඒ වගේම සමහර පිරිමි හිතන්න ඉඩ තියෙනවා කාන්තාවන්ට මැදිරි තියෙද්දීත් අනික් ඒවාට රිංගන්නේ ඒ ගනු උදවිය කැමැත්තෙන් කියලා. අනිත් ගැටලුව තමයි මෙහෙම මැදිරි දානකොට අඩුම වශයෙන් කිසියම් සංගණනයක් කරලා විද්‍යාත්මක පදනමකින්ද මැදිරි සංඛ්‍යාව තීරණය කරන්නේ කියන එක. නැත්නම් මේ රූපේ තියෙන විදිහට සමහර පෙට්ටි හිර වෙන්නත් සමහර ඒවගේ හොදට ඉඩ තියෙන්නත් පුළුවන්.

කොහොම උනත් මම කියන්න ආවේ වෙන කාරණයක්. මේවගේ දේවල් තීරණය කරන සීතල කාමර වල පුටු රත් කරන ඇමතිලා සහ නිලධාරීන් කොච්චි වල යන්නේ නෑ. උන්ට අපි හිරවෙලා තෙරපිලා ගමන් යන එක ගානක්වත් නෑ. මේ ලගදි අත ඇරලා දාපු කොච්චි පෙට්ටි 200ක් අලුත්වැඩියා කරන්න රුපියල් බිලියන 2ක් ආයෝජනය කරනවා Tantri සමාගමත් එක්ක. ඒ කියන්න එක පෙට්ටියකට කෝටියයි. අමතිලට අලුතින් වාහන පර්මිට් එකට රුපියල් බිලියන් 7ක් අනුමත වෙනවා. ඒ කියන්නේ කොච්චි පෙට්ටි 700ක්. අගමැතිට කාර් දෙකක් ගන්න රුපියල් ලක්ෂ 6000ක් වෙන කරනවා. ඒ කියන්නේ කොච්චි පෙට්ටි 60යි. පාර්ලිමේතුවේ විදුලි සෝපාන 10කට ලක්ෂ 1000ක් වෙන් කරනවා. එතන කොච්චි පෙට්ටි 10 යි. එතකොට ඔක්කොම කොච්චි පෙට්ටි 770ක් අලුත් වැඩියා කරලා දුවවන්න තියෙන සල්ලි 225 දෙනෙක් බෙදාගෙන තියෙන්නේ. කොච්චි පෙට්ටියක සාමාන්යෙන් 300කට විතර යන්න පුළුවන්. ඒ කියන්න පෙට්ටි 770 මිනිස්සු 231000 ට පහසුවෙන් යන්න තියෙන අපේ සල්ලි තමා මේ 225 නාස්ති කරන්නේ. ඉතින් මේ කාලකණ්නි 225 අයින් කරනවද මේ රට වෙනස්කරනවද කියල ඔබම තීරණය කරන්න. නැත්නම් අපි තවත් උන්ට හුරේ දදා ෆුට්බෝඩ් එකේ යමු මිත්‍රවරුණි. තෙරුවන් සරණයි.

ලෝකෙන් උතුම් රට ලංකාවයි…. පින්කෙත හෙළ රන් දෙරණේ


චමෝද් හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button