දේශීය

තහනම් වී තිබූ අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

මෙතෙක් තහනමට ලක්වූ අංගම්පොර සටන් කලාව නීත්‍යානනුකූල සටන් කලාවක් බවට පත්කිරීමට ජනාධිපතිවරයාගේ සහ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේදී පසුගියදා(06) ඒකමතිකව අනුමැතිය හිමිවූ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පසුගියදා(06) පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ඌව වෙල්ලස්ස කැරැල්ලේ සෙන්පතිවරුන්ට ඉමහත් සවියක් වූ අංගම්පොර සටන් කලාව මේවනතුරු තහනම් සටන් කලාවක් බවට පත්ව තිබුණි.

ඌව වෙල්ලස්ස කැරැල්ල සමඟ අධිරාජ්‍යවාදීන් අංගම්පොර සටන් කලාව තහනම් සටන් කලාවක් බවට තහංචි පනවනු ලැබීය.

මෙතෙක් තහනමට ලක්ව තිබූ අංගම්පොර සටන් කලාව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කරන්නට යහපාලන රජයේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලයේදී පසුගියදා(06) දින ඒකමතිකව තීරණය කරනු ලැබීය.

ඌව වෙල්ලස්ස කැරැල්ලේ කැප්පෙටිපොළ සෙන්පතිවරයා ප්‍රමුඛ මහවිරුවන් මෑතක් වන තුරුම දේශද්‍රෝහීන් ලෙස හදුන්වා තිබුණි.

මෙතෙක් දේශද්‍රෝහීන් ලෙස සැළකූ එම සෙන්පතිවරුන් අතිගරු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් දේශප්‍රේමීන් බවට පත් කළේය.

ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු විසින් තහනම් කර තිබූ මෙම සටන් කලාව නීත්‍යාකනුකූල සටන් කලාවක් බවට පත් කරනවා පමණක් නොව එය සුරක්ෂා කරන්නටත්, ප්‍රවර්ධනය කරන්නටත් ප්‍රගතශීලි දේශප්‍රේමී තීන්දුවකට තමන් එළඹි බවත් අංගම්පොර සටන් කලාව සුරක්ෂා කිරීමට රජයක් ලෙස සැදී පැහැදී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button