දේශීය

“මහින්දගේ කාලේ අරලියගහ මන්දිරයේ වැසිකිලිවලත් A/C, බල්ලන්ගේ කූඩු වලත් A/C තිබුනා”

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂයකට ආසන්න පිරිසක් වැසිකිළි පහසුකම් නොමැතිව සිටියදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ අරලිය ගහ මන්දිරයේ වැසිකිලිවලට පවා වායු සමීකරණ පහසුකම් දී තිබූ බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.

ඔහු මේ බන කියා සිටියේ ඊයේ(08) ගාල්ලේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”මේ පාර අයවැයේදී මංගල ඇමතිතුමා කිව්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ විතරක් ලක්ෂයකට වැසිකිළි නැහැයි කියලා. දැන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී එතුමාට කිව්වා, ”නෑ නෑ පවුල් 15,000කට විතරයි වැසිකිළි නැත්තේ” කියලා. එතකොට පවුල් 15,000ක් කියන්නේ, හරිනේ ඉතින්, පවුලේ ඉන්න ගාණ වැඩි කරාම ලක්ෂයක් විතර ඉන්නවා වැසිකිළි නැති. එතකොට අපි කනගාටු වෙනවා එතුමාට මන්ත්‍රීවරයා වෙන්න ජන්ද දීපු ජන්දදායකයාගේ වැසිකිළිය ගැනවත් කල්පනා කළේ නෑ. එතුමා ඇමතිවරයෙක් කළා. එතුමාව ජනාධිපතිවරයෙක් කළා. එතකොට වැසිකිළි ඒ ජනතාවට හදලා දුන්නේ නැති වුණාට අරලියගහ මන්දිරයේ වැසිකිළි වලට වායු සමීකරණ හයිකළා. බල්ලන්ගේ කූඩු වලටත් හයිකරලා තිබ්බා වායු සමීකරණ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button