දේශීය

ළමා ගිණුම් වලින් බදු ගන්න විදිහ

අයවැය යෝජනා හරහා සියලුම ළමා ගිණුම්වලින් බදු මුදල් අය කර ගන්නා බවට පැතිර යන පළවන පුවත සාවද්‍ය බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ළමා ගිණුම් ආශ්‍රිත බදු ගණනය කිරීම සිදුවන්නේ මාසික පොලිය රුපියල් 5000ට වැඩි ගිණුම් වලින් පමණක් වන බවටයි වාර්තා වන්නේ.

මාසික පොළී ආදායම රුපියල් 5000 කට වඩා වැඩිවීමට නම් අදාළ ළමා ගිණුමේ තැම්පත් මුදල රුපියල් මිලියන 1.2ක් වත් තිබිය යුතුය වේ.

මෙරට සාතිශය බහුතරයක් ජනතාවගේ දරුවන් සතුව රුපියල් මිලියන 1.2 ට වැඩි තැම්පත් නොමැති බවත් එතරම් මුදලක් නොමැති ළමා ගිණුම් වල පොළිය මත බදු පැනවීමක් සිදු නොවන බවයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

බදු ප්‍රතිපත්තිය සකස්කර ඇත්තේ වක්‍ර බදු අඩුකර සෘජු බදු වැඩි කිරීම බැවින් සාමාන්‍ය ජනතාවට බදු බර සම්බන්ධ අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button