දේශීය

රත්ගම ඝාතනය සිදුව ඇත්තේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ අනුදැනුම මත

රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරික තරුණයින් දෙදෙනෙකු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව දකුණු පළාත් භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා දැනුවත්ව සිට ඇති බව විමර්ශනවලදී හෙළිදරව් වී තිබෙනවා.

අයෙක් වධදීමේදී මැරිලා. අනෙක් කෙනාව පසුව මරලා

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී එක් අයකු අමානුෂික වධහිංසා නිසා මියගොස් ඇති අතර අනෙක් තැනැත්තාව පොලිස් නිලධාරීන් විසින් සාක්ෂි වසන් කිරීම සඳහා පසුව ඝාතනය කර තිබෙන බව අනාවරණය වී ඇත.

මළසිරුරු විනාශ කරන්න අණ දුන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

අදාළ පොලිස් කණ්ඩායම විසින් මේ සියල්ල එම පොලිස් ඒකකය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට දැනුම් දී ඇති අතර ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මළ සිරුරු විනාශ කරන ලෙස නියෝග කර ඇත්තේ ඔහු විසින් බවත් අනාවරණය වී තිබේ.

මේ සියල්ලම විමර්ශනවලදී හෙළිදරව් වී තිබියදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මේ අතරම් අපරාධයක් කර සිටියදීත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මේ මොහොතේත් බොහෝම නිදහසේ, නිදැල්ලේ, පරීක්ෂණ කටයුතුවලට ද අත පොවමින් සිටී.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිදුවීමේදී ද, එහි ප්‍රධාන සැකකරු බේරා හැරීමට කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූයේ ද මේ ආකාරයෙන්ම බවත් සිහිපත් කළ යුතුව ඇත.


ලංකා නිව්ස් වෙබ් ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button