දේශීය

පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි

පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇතැයි වාර්ථාවේ.

නිර්වින්දන වෛද්‍යවරු නිසි පරිදි මෙම ඒකකයට නොමැතිකමින් මෙම ඒකකය ඊයේ (05) දා උදැසන සිට වසා දමා තිබේ. මෙම දැඩි සත්කාර ඒකකය සතුව ඇදන් 04 තිබූ අතර දිවයිනේ නන්දෙසින් රැගෙන එන රෝගීන් රැසක් මෙම දැඩි සත්කාර ඒකකයේ පසුගිය කාලය පුරා ප්‍රතිකාර ලබා ගත්තේය. මෙම ඒකකය අවම වශයෙන් පවත්වාගෙන යාමට අඩුම තරමේ නිර්වින්දන වෛද්‍යවරුන් 04 දෙනකු සේවය අවශ්‍ය බවයි වාර්ථා වන්නේ.

මේ නිසා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කිරීම තුලින් එම රෝගීන් හා ඥාතීන් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ. මේ පිළිබදව පුත්තලම මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය එම්. ජවුපික් මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා සදහන් කළේ මේ පිළිබදව දිස්ත්‍රික් හා පළාත් සෞඛ්‍ය අංශ බළධාරින් දැනුවත් කර ඇති බවත්, පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා ඇති බවට අනෙක් ප්‍රධාන රෝහල් දැනුවත් කර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button