දේශීය

“හම්බන්තොට වැසිකිළි ලක්ෂයක් නැති වෙන්න බෑ”

හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වැසිකිළි නොමැති නිවාස ලක්ෂයක් ඇති බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඇතැම්විට නිලධාරීන් මංගල සමරවීර මහතාට වැරදි තොරතුරු ලබාදුන්නා විය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

“බලන්නකො හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලක්ෂයක් වැසිකිළි නැහැ කිව්වාම මොන තරම් බොරුවක්ද? එක්කො එතුමට කවුරුහරි නිලධාරීන් බොරු ගණන් දීලා. අරකෙ දාලා තියෙන්නෙ පහළොස් දාහයි නිවාස. නිවාස පහළොස් දාහකට කොහොමද ලක්ෂයක් වැසිකිළි නැතිවෙන්නේ?” යනුවෙන් ඒ මහතා විමසා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අයවැය ජනතාවට බරක් බවත් කොළේ වසා සියල්ල ගසා ඇති බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button