දේශපාලන

අගමැතිටත් පාතාල සබඳකම් – ‘දූෂණ විරෝධී හඬ’ රනිල්ව උස්සා පොළොවේ ගසයි

පාතාල ගැටුමකින් මැරුම් කෑ මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයකු වන මොහොමඩ් රිස්ඛාන් නමැත්තාගේ ටැක්සි සමාගමක් විවෘත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ සිද්ධියක් ‘දූෂණ විරෝධී හඬ’ අනාවරණය කළේය.

‘දූෂණ විරෝධී හඬ’ කැඳවුම්කරු වසන්ත සමරසිංහ තවදුරටත් ප්‍රකාශ කළේ අදාළ රිස්ඛාන් නමැත්තාගෙන් අගමැති රනිල් වික්‍රමසිංහ නිල් මැණිකක්ද ත්‍යාග වශයෙන් ලබාගෙන ඇති බවත් ඊට අදාළ සියලු ඡායාරූප තමා සතුව පවතින බවත්ය.

විශේෂයෙන්ම පාතාලය සමඟ දේශපාලනඥයන්ට ඇති රහස්‍ය සබඳතා පිළිබඳ මෙය හොඳම උදාහරණයක් බවද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පාතාලය සමඟ කරන ගනුදෙනු ගැන සාක්ෂි හා තොරතුරු තමා සතුව ඇති බවත් ඒවා සියල්ල පිළිබඳව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ඔහු පැවැසීය.

ආසන්නතම උදාහරණ ලෙස මධුෂ්ගේ පියාගේ අභාවයට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න සහභාගි වීම, තව පැත්තකින් මධුෂ්ගේ සමීපතයන්ගේ උත්සවයට ආරාධිතයන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ මුජිබර් රහුමාන්, ඒ.එච්.එම්. ෆවුසි යන අය සහභාගි වීම වැනි සිද්ධීන් රටට හෙළි වන විට බුද්ධි අංශ ඒ ගැන සෙවිය යුතු බවද සමරසිංහ මහතා කීය.

ඒ අනුව මධුෂ්ගේ එක් අතක් පොදුජන පෙරමුණ පාර්ශ්වයේත්, තව අතක් එක්සත් ජාතික පක්ෂය සමඟත් බැඳී පවතින බව හොඳින් තහවුරු වී ඇතැයි පවසන ඒ මහතා තවදුරටත් කියා සිටියේ මෙම පාතාලය හා දේශපාලනඥයන් අතර පවතින සබඳතා නිසා රට විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෝෂණය වන බව තව තවත් අනාවරණය වන බවය.

ඔහු මේ බව පැවැසුවේ පසුගියදා දෙහිඅත්තකණ්ඩියේ පැවැති ජනහමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button