දේශීය

සුන්දර ඩෙවොන් දිය ඇල්ල විකුණාගෙන කන ප්‍රාදේශීය සභාව

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක් වි ඇති හැටන් දිඹුල සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිදු පොදු පහසුකමත්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

සුදු අධිරාජ්‍යවාදින් මිට වසර ගණනාවකට ප්‍රථම එවකට නුවරඑළිය හැටන් මාර්ගය ඉදි කිරිමේදි ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට කුඩා නැරඹුම් මධ්‍යස්ථානයක්ද ඉදි කර තිබුණි.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් කරන අතර එම සැම සංචාරකයෙකුම නැරඹුම් මධ්‍යස්ථානයේ සිට හා ප්‍රධාන මාර්ගයේ සිට ඩෙවොන් දිය ඇල්ල නරඹා එහි ඡායාරුප ගැනිම සිදු කරනු ලබයි.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන්ද තම වෙහෙස නිවා ගැනිමට නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස රථ වාහන ගාල් කර විවේක ගැනිමක්ද සිදු කරනු ලබයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද කොටගල ප්‍රාදේශිය සභාව මගින් පුවත් පතක දැන්විමක් පල කරමින් ඩෙවොන් දිය ඇල්ලේ නැරඹුම් මධ්‍යස්ථානය අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට ටෙන්ඩර්පත් කැදවා එම ටෙන්ඩරය තලවකැලේ ප්‍රදේශයේ තරුණයෙකුට වාර්ෂික බලපත්‍රයක් මත රුපියල් ලක්ෂ 1 ½ කට ලබා දි ඇත.

ටෙන්ඩරය ලබාගත් තරුණයා පළමු පැය සදහා බස් රථයකට රුපියල් 100 ක්ද, වැන් රථයකට රුපියල් 50 ක්ද, ත්‍රිරෝද රථයකට රුපියල් 30 ක්ද, යතුරුපැදියකට රුපියල් 25 ක්ද බැගින් අය කරන අතර පැයකට වඩා නැරඹුම් මධ්‍යස්ථානය අසල සහ ප්‍රධන මාර්ගය අබියස ගාල් කර තබන සැම වාහනයෙකින්ම එම මුදල දෙගුණ තෙගුණ කර අය කරනු ලබයි.

එම නැරඹුම් මධ්‍යස්ථානය අසල හා ප්‍රධාන මාර්ගය අභියස සුළු වේලාවට පවා ගාල් කරන වාහනවලින් ටෙන්ඩර්පත් ලබාගත් අය විසින් මුදල් අය කරනු ලබයි.

ඇතැම් අවස්තාවල ප්‍රවේශපත්‍ර නිකුත් කරන අය විසින් බස් රථයට අයකරන මුදල වැන් රථ වලටද අය කරන බවත්, කිසිඳු පොදු පහසුකමක්වත් ලබානොදදී කොටගල ප්‍රාදේශිය සභාව මගින් ප්‍රධාන මාර්ගයේ සිට සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹීමට මෙසේ මුදල් අය කිරිම අසාධාරණ බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම රියදුරන් වැඩි දුරටත් කියා සිටින්නේ.

ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් රැගෙන වාහන වලින් සහ එම ස්ථානයේ රථ වාහන ගාල් කරන වාහන අයිතිකරුවන්ගෙන් මෙසේ මුදල් අය කිරිම සම්බන්ධයෙන් අප කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් (ලංකා කම්කරු කොන්ග්‍රසය) අප කල විමසුමකට අදහස් ප්‍රකාශ කර සිටියේ කොටගල ප්‍රාදේශිය සභාවට ආදායමක් ලබා ගැනිමේ අදහසින් ඩෙවොන් දිය ඇල්ල අසල නැරඹුම් මධ්‍යස්ථානයේ රථ වාහන ගාල් කරන අයගෙන් මුදල් අය කිරිමට පියවර ගත් බවයි.

ඉදිරියේදි එම ස්ථානයේ පොදු පහසුකම් ඇති කිරිමට පියවර ගන්නා බවත් ප්‍රාදේශිය සභාවේ සහභාපති වරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button