දේශීය

පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ රත්තරං අත්අඩංගුවට

පාසල් සිසුවියක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පෙබරවාරි 23 වනදා අක්මීමන, බටදූව ප්‍රදේශයේ දේවාලයක් තුළදී 16 හැවිදිරි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම පිළිබඳව මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සැකකාර මන්ත්‍රීවරයා අක්මීමන පොලිසියට භාරවීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති අතර අද (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම මන්ත්‍රීවරයා “රත්තරං” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වේ. දේශපාලන වේදිකාවලදී කවි කීම සම්බන්ධයෙන් ද මේ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button