දේශීය

යාපනය සරසවියේ තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දමයි

යාපනය සරසවියේ තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දමයි

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (26) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්ව විද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් පවසනවා.

උපකුලපතිවරයා පැවසූවේ තාක්ෂණ පීඨයේ ඇති වු නවක වද සිදුවීමක් පාදක කර ගනිමින් තාවකාලිකව විශ්වවිද්‍යාල පීඨය වසා දැමීමට පාලක සභාව තීරණය කොට ඇති බවයි.

විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨය වෙත නවක සිසුන් බඳවාගෙන ඇති අතර, එහිදි නවක වදය ලබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන තිබෙනවා.

තාක්ෂණ පීඨයේ ඇතිව තිබෙන තත්වය සමතයකට පත්වු විගස පීඨය නැවත ආරම්භ කරන බවද හෙතෙම සදහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button