දේශීය

දර්ගා නුවර හෝටල් රැසකට එරෙහිව නීතිය

අලුත්ගම, දර්ගා නගරය හා බේරුවල ප්‍රදේශවල හෝටල්, ආපනශාලා හා සුපිරි වෙළෙඳසැල් ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ.

ඒ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්. පරීක්ෂාවට ලක් කෙරුණු ආයතනවල ආහාර සැලසීමේ දී ඉතා අපිරිසිදු ආකාරයෙන් කටයුතු කරන බව, සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි. මුල්තැන්ගෙයි සේවකයන්ගේ දෑත්වල විවිධ රෝගී තත්වයන් ද, සේවකයන්ගේ දෑත්වල විවිධ රෝගී තත්වයන්ද, සේවකයන්ගේ සෞඛ්‍ය තත්වයේ අයහපත්කම ද මෙහි දී අනාවරණය විය.

විවිධ රෝගී තත්වයන් වැළඳුනු අයගේ රෝගී තත්වයන් පහව යනතුරු සේවය අත්හිටුවීමට ද නිලධාරීන් කටයුතු කළේය. සුපිරි වෙළෙඳසැල් පරීක්ෂාවේ දී අධික ලෙස වර්ණ යෙදූ හාල් කිලෝ 40ක් පමණ සොයා ගැනිණ.

රසායනික ද්‍රව්‍ය යොදූ භාජනවල පොල්තෙල් අලෙවි කළ වෙළෙඳසැල් හිමියන්ට දැඩි ලෙස අවවාද කෙරිණ. ආපනශාලා රැසකට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගත් බවත්, ඉදිරියටත් වැටලීමේ ක්‍රියාමාර්ග සිදු කරන බව සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button