දේශීය

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකය වසර 1 ½ සිට වසා දාලා – උපකරණ සියල්ලත් විනාශයට

මධ්‍යම පලාත් සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනයවන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකය වසර 1 ½ තිස්සේ වසා තැබිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත්වී ඇත.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහල යටතේ ආවරණය වන බගවන්තලාව ප්‍රදේශයේ පනස් දාහසකට ආසන්න ජන සංඛ්‍යාවක් සිටින අතර ඔහුන්ගේ ප්‍රධාන ජිවනෝපය වනුයේ තේ කර්මාන්තයේ රැකියාවයි.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ අනෙකුත් වෛද්‍යය ප්‍රතිකාර සේවාවන් නිසි ලෙස සිදු වන බවත්, දන්ත ශෛල්‍යය ඒකකය වසා තැබිම නිසා දන්ත රෝගින් ප්‍රතිකාර ලබා ගැනිම සදහා කිලෝමිටර 12 පමණ එපිටින් වු දික්ඔය මුලික රෝහලට යන බවයි ඔවුන් පවසන්නේ.

දික්ඔය මුලික රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකයට දිනකට විශාල රෝගින් පිරිසක් පැමිණෙන නිසා ඇතැම් අවස්තාවල ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව ආපසු ඒමට සිදු වන බවත්, තේ කර්මානතයේ නියැලි සිටින තමන්ට ආර්ථික අපහසුතා රැසක් පවතින නිසා දුර බැහර ප්‍රදේශයකට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට හෝ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට ගැටළු පවතින බවත් පෙනී යනවා.

දන්ත ශෛල්‍යය ඒකකය දිර්ඝ කාලයක් වසා දැමිම නිසා එහි වටිනා උපකරණ රැසක් විනාශ විමේ අවධානමකට ලක් වි ඇති බවත් දැනගන්නට ලැබුණා.

බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම රෝහලේ ප්‍රධාන වෛද්‍යය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ තම රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකයේ සේවය කල වෛද්‍යය නිලධාරනිය පශ්චාත් වෛද්‍යය උපාධියක් හැදැරිම සදහා රෝහලෙන් බැහරව යාම හේතුවෙන් එම ඒකකය දිර්ඝ කාලයක් වසා දැමිමට සිදු වි ඇති බවයි.

පවත්නා තත්ත්වය හේතුවෙන් සතියකට දින කිහිපයක් දන්ත වෛද්‍යවරයෙකුගේ සේවය තම රෝහලට ලබාදෙන ලෙස මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සහ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් අවස්තා කිහිපයකදී ඉල්ලා ඇතත් එයට නිසි ප්‍රතිචාර මෙතෙක් නොලැබිම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින්ට ගැටළු රැසක් මතු වි ඇති බවත්, දන්ත ශෛල්‍යය ඒකකයේ උපකරණ දිනපතා සුද්ද පවිත්‍ර නොකිරිම නිසා එම උපකරණ විනාශ විමේ දැඩි අවධානමක් පවතින බවත් එම රෝහලේ ප්‍රධාන වෛද්‍යයවරයා වැඩි දුරටත් කියා සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button