විදේශීය

කාමෝද්දීපන ප්‍රකාශන ඇතුලත් වෙබ් අඩවි 20,000ක් වාරණය කරයි

බංගලාදේශය විසින් කාමෝද්දීපන ප්‍රකාශන (Porn) ඇතුලත් වෙබ් අඩවි 20,000 කට ආසන්න ප්‍රමාණයකට ඇතුල් වීමට මග අහුරා තිබේ . ඔවුන් මෙම වාරණය දමා ඇත්තේ ඔවුන්ගේ කාමෝද්දීපන ප්‍රකාශන වලට එරෙහි ‘යුද්ධයේ’ එක් කොටසක් ලෙසයි.

“මට අවශ්‍ය වන්නේ දරුවන් ඇතුලු සෑම බංගලාදේශ වැසියෙකුටම ආරක්ෂිත අන්තර්ජාල පහසුකමක් ලබා දීමයි. මේ කාමෝද්දීපන ප්‍රකාශන වලට එරෙහි මගේ යුද්ධය යි. එමෙන්ම මෙය ඉදිරියටත් අඛණ්ඩ යුද්ධයක් ලෙස පවතීවි.” යැයි තැපැල් හා විදුලි සංදේශ පිලිබද අමාත්‍ය මුස්තෆා ජබ්බාර් මහතා ප්‍රකාශ කර සිටියි.

ජබ්බාර් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රකට සමාජ ජාලා මෙවලම් වන TikTok සහ Bigo වැරදි ලෙස පරිහරණය වන බවට බලධාරීන් විශ්වාස කරන නිසා ඒවාත් බංගලාදේශය තුල වාරණය කල බවයි. වාරණයට ලක් කල වෙබ් අඩවි බොහොමයක් විදේශීය ඒවා වන අතර ඉන් කිහිපයක් දේශීය ඒවා වේ.

“අපි ෆේස්බුක් ගිණුම්, යූ ටියුබ් චැනල් සහ වෙබ් අඩවි නිරතුරු අධීක්ෂණයක යෙදෙනවා.” යැයි ජබ්බාර් මහතා පවසා සිටියි. “අසභ්‍ය අන්තර්ගතයන් නිසා එයින් කිහිපයක් අපි මේ වන විට ඉවත් කර තිබෙනවා. තවත් කිහිප දෙනෙකුටම එවන් ආකාරයේ දෑ පලනොකරන ලෙස අවවාද කර සිටියා”

බංගලාදේශයේ ජීවත්වන මිලියන 165ක ජනතාවගෙන් මිලියන 90ක්ම අන්තර්ජාලය භාවිතා කරයි. බංගලාදේශයේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පවසා සිටින්නේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක්ට තවමත් virtual private networks (VPN) හරහා කාමෝද්දීපන ප්‍රකාශන ඇතුලත් වෙබ් අඩවි නැරඹිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button