සමාජ

මොරටු සරසවියේ අකුරු උගතුන් අතරමැදියන් යොදා කරන මහා විනාශයේ හෙළිදරව්ව

- ආණ්ඩුව.lk

මොරටුව විශ්වවිද්‍යාලයේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ඇති අක්කරයක පමණ භූමි ප්‍රමාණයක පිහිනුම් තටාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එහෙත් එමඟින් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති කඩොලාන ශාඛ පද්ධතිය ඇතුළු පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවන මුත් ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වගකීමක් නොමැතිව, අත්තනෝමකිතව කටයුතු කිරීම හේතුවෙන් පාරිසරික අර්බුද රැසක් නිර්මාණය වී ඇති බව ද සඳහන්.

මෙහි ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ අදාළ පිහිනුම් තටාංගණය ඉදිකිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සහිත වැඩපිළිවෙලක් නොමැති වීමයි. පරිසර සංවිධාන හා අනෙකුත් වගකීම් සහිත ආයතනවල නිර්දේශ මඟහරිමින් මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අත්තනෝමතික තීරණයක් මත මෙම ඉදිකිරීම් සිදුවෙමින් පවතී.

බොල්ගොඩ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සම්පතක්ව පවතින කඩොලාන සහිත පාරිසරික වැදගත්කමකින් යුත් භූමි ප්‍රමාණය මෙම අත්තනෝමතික ක්‍රියාවන් මඟින් විනාශයට පත්වන බව පරිසරවේදීන් පෙන්වා දී ඇති වටපිටාවක, දේශපාලන බලපුළුවන්කාරකම් මත පරිසර නීතියට පිටුපා සිදුකරනු ලබන මෙම විනාශය මාධ්‍යයෙන් වසන් කිරීම සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් දරන ප්‍රයත්නය ලැජ්ජා සහගතය.

කලක් තිස්සේ රහසේ සිදුවන මෙම පිහිනුම් තටාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලදී මාධ්‍යයට තර්ජන කොට බියවද්දා නිහඬ කිරීමේ ප්‍රයත්නයක ද අදාළ නිලධාරීන් නිරත වෙමින් සිටී.

මේ සම්බන්ධයෙන් කරුණු කාරණා විමසීමට අප මාධ්‍ය ආයතනය අවස්ථා කිහිපයකදීම මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ව්‍යාපෘතියට සම්බන්ධ අනෙකුත් පිරිස දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, ඒ සියලු අවස්ථාවන් මඟහැරී ගියේ ඔවුන් අප ප්‍රශ්නකිරීම් හමුවේ දැක්වූ ඇල්මැරුණු ස්වභාවය නිසාය.

කෙසේවුවද මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් විමසා දැනගත යුතු කරුණු රාශියක් තිබිය දීත් ඊට අදාළ පාර්ශ්වයන් නිහඬව සිටීම විහිළු සහගතය. අප මෙම හෙළිදරව්ව සිදුකරන්නේ පරිසරයට සිදුවන හානිය වැළැක්වීම සඳහා මිස කිසිදු පාර්ශ්වයක් කෙරෙහි ඇති විශේෂ ලැදියාවකින් නොවන අතර, එහෙයින් අප නැවතත් උපකුලපතිවරයා ඇතුළු චෝදනාවට ලක් වූ පාර්ශ්වයට යෝජනා කරන්නේ අදාළ ඉදිකිරීම සම්බන්දයෙන් වන ගැටළු සඳහා විසඳුම් ලබා දෙන ලෙසයි. ඒ සඳහා විශේෂ මාධ්‍ය ආවරණයක් ලබා දීමට අප මාධ්‍ය ආයතනය සූදානම් බවද සඳහන් කරමු.

(මෙම පුවත සහ වීඩියෝව ආණ්ඩුව.lk වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි මෙහි අප ආයතනය ලෙස සඳහන් වන්නේ එම වෙබ් අඩවියයි.)

උක්ත පාරිසරික විනාශය සම්බන්ධයෙන් වන වීඩියෝව පහලින්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button