විශේෂාංග

මිනිසාවත් ලෙඩ කර, සාගරයත් වනසන සිගරට්

සිගරට් නැත්නම් දුම්පානය යනු මිනිසාගේ අයහපත් පුරුද්දක් නිසා වසරකට ලෝකයේ විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි කරන්නට සමත් වු දෙයකි. දුම්පානය කරන්නන් පමණක් නෙමෙයි. අක්‍රීය දුම්පානය වැනි තත්ත්වයන් නිසා දුම්පානය කරන්නෙකු ළඟ සිටින අය වූවද ජීවිත අවදානමකට පත් කරන්නට මෙම සිගරට්වලට හැකියාවක් ඇත.

නමුත් දැන් නවතම පරික්ෂණයකින්⁣ හෙළිදරව් වී ඇත්තේ තනී ඒකකය ලෙස සාගර දූෂණයට වැඩිම හානියක් සිදු කරන දෙය බවට මෙම සිගරට් බී අවසානයේ විසි කරන සිගරට් බට් නැත්නම් සිගරට් කොටය පත් වී ඇති බවයි.

 වෙරළක ඇති සිගරට් කොට (News Deeply)
වෙරළක ඇති සිගරට් කොට (News Deeply)

බොහෝ දෙනෙක් ප්ලාස්ටික් සාගරය විනාශ කරන ප්‍රධාන සාධකය බවට මේ වන විටත් දන්නවා ඇති. නමුත් ප්ලාස්ටික් තනි ඒකකයක් ලෙස ගණන් ගන්නේ නම් නැහැ. සිගරට් කොට දිහා බලන කෙනෙකුට නම් මෙකෙන් පරිසරයට මොන විනාශයක් ද කරන්න පුළුවන් කියලා හිතෙයි.
ඒත් ප්ලාස්ටික් මෙන්ම සිගරට් කොටත් ජලජ ජීවින්ගේ පැවැත්ම අවසන් කළ හැකි සාධකයක් බවට පත් වී තිබේ. සිගරට් සාගරයට එකතු වීමට හේතු කිහිපයක් පර්යේෂකයන් සොයාගෙන ඇත. ඒවා ලෙස සාගරයට දමනා කුණු අතර ඇති ඒවා, ජල ප්‍රබවවලට එකතු වීම මඟින් සාගරයට එකතු වෙන ඒවා, වෙරළට විසි කරන සිගරට් කොට අවස්ථා කිහිපයක් පෙන්වා දෙන්නට පුළුවන්.

වෙරළකින් එකතු කළ සිගරට් කොට (Santa Monica Daily Press)
වෙරළකින් එකතු කළ සිගරට් කොට (Santa Monica Daily Press)

වසරක⁣ට ලෝකයේ දුම්පානය කරන්නන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිගරට් ට්‍රිලියන 5.6ක් ලෝකය පුරාම නිෂ්පාදනය කරනු ලබනවා. මේ සෑම සිගරට් එකකටම ෆිල්ටර්යක් නිපදවනු ලබයි. දුම්පානය අවසානයේ මෙම සිගරට් ෆිල්ටරය විසි කර දමනවා. එය සිගරට් කොට ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙම සිගරට් ෆිල්ටරය නිර්මාණය කර ඇත්තේ පරිසරයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි ඉක්මණින් නොදිරන ප්ලාස්ටික් විශේෂයකිනි. ඒවා නම් සෙලියුලෝස් ඇක්ටෙට් (cellulose acetate) ය. මෙම ප්ලාස්ටික් වර්ගය දිරාපත් වීමට ආසන්න වශයෙන් දශකයක කාලයක්වත් ගත වේ.

සෙලියූලොස් ඇක්ටෙට් මුලද්‍රව්‍ය (Wikipedia/Youtube)
සෙලියූලොස් ඇක්ටෙට් මුලද්‍රව්‍ය (Wikipedia/Youtube)

දිනකට සාමාන්‍යයෙන් අවමය විදිය⁣ට පුද්ගලයෙකු සිගරට් 5 හෝ 6ක් පානය කරයි. නමුත් එම පානය අවසන් කර සිගරට් කොටය නිසි ලෙස බැහැර කරනවාද යන ගැටලු ව ඇති වේ. වසරකට සිගරට් ට්‍රිලියන 5.6ක් ලෝකය තුළ පානය වන්නේ නම් ඒවායින් කීයක් නිසි ලෙස බැහැර වෙනවා ද යන්න අප ඉදිරියේ තිබෙන බරපතළ ගැටලුවක් බවට පත් වී තිබේ.

සිගරට් බට් එක හෙවත් සිගරට් ෆිල්ටරය නිපදවා ඇත්තේ එම දුම්පානය කරන්නන් හට සෞඛ්‍යමය අවදානමක් ⁣ඇති නොවෙන ලෙසයි. නමුත් පර්යේෂකයන් පවසන්නේ සිගරට් එකේ ඇති සමහර විෂ වායූන් සිගරට් ෆිල්ටරය හරහා ද ගමන් කරන බවයි.

ලෝක සාගර සංවිධානය ගෙවී ගිය වසර 32ක් තුළ සාගරය සහ වෙරළ පිරිසුදු කිරීමේ ව්‍යාපෘතීන් ආරම්භ කර තිබුණා. එහි දී ඔවුන් දශක තුනක කාලයක් තිස්සේ විවිධ දේවල් වෙරළ තීරයෙන් සොයා ගැනීමට ඔවුනට හැකි වුණා. ඒවා අතරින් තනි ඒකකයක් ලෙස වැඩිම ප්‍රමාණයක් ති⁣බී ඇත්තේ සිගරට් කොටයි. ඒ ප්‍රමාණය මිලියන 60කි.

වෙරළක තිබී සොයාගත් සිගරට් (ABC)
වෙරළක තිබී සොයාගත් සිගරට් (ABC)

බොහෝ පරිසර සංවිධානයන් ලෝක වෙරළ සුරැකීමේ සංවිධානයන්වලට මීළඟ දැවැන්තම අභියෝගය වී ඇත්තේ සිගරට් කොට සාගරයට හා වෙරළට එකතු වීම වැළැක්වීමයි. සමහර රටවල මේ වන විටත් දැන්වීම් පවුරු හා සිගරට් කොට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි යන්ත්‍ර වෙරළවල ස්ථාපිත කර තිබේ.

බී අවසන් කළ සිගරට් දැමිය හැකි බඳුනක් (garudaharada)
බී අවසන් කළ සිගරට් දැමිය හැකි බඳුනක් (garudaharada)

නමුත් දුම්පානය කරන්නන් ඒවා නිසිලෙස බැහැර කරනවා ද යන්න දන්නේ ඔවුන් ම පමණයි. මිනිසා විසින් ම තමන්⁣ගේ පැවැත් ම මිහිපිටින් තුරන් කරන කාලය වැඩ දුරක නොවන බව මෙම හෙළිදරව්වලින් මනාවට පැහැදිළි වේ.


සංජේ රණවක


මුලාශ්‍රයයන් :
Cigwaste.org
NBCnews.com
ATI
Business Insider.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button