ව්‍යාපාරික

OPPO වෙතින් ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් විශේෂ තරගයක්

OPPO සමාගම මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ තරගයක් පැවැත්වීමට කටයුතු කළේ ය. ඉන් ජයග‍්‍රහණය ලබන යුවළට තම ප‍්‍රියතම අවන්හලේදී රාත‍්‍රී ආහාරවේලක රසබැලීමේ අවස්ථාව උදාවිය.

තරගයේදී රසික රසිකාවියන් කළ යුතු වූයේ OPPO F9 දුරකථනයක් භාවිතා කරමින් තම ආදරවන්තයා/ආදරවන්තිය සමග සෙල්ෆි ඡුායාරූපයක් ලබාගෙන එය OPPO නිල ෆෙස්බුක් පිටුවේ පළකිරීම පමණි. එහිදී ඔවුන් අදාළ ඡුායාරූපයේ තමන්ව Tag කර ඡුායාරූපය Publish කළ යුතු වූ අතර Like සහ Share කිරීමේදී#OPPOF9 #Valentines_Dinner Hashtag එක භාවිතා කළ යුතු විය.

‘‘මේ තරගය සම්බන්ධයෙන් අපගේ රසික රසිකාවන් මෙතරම් විශාල උනන්දුවක් දැක්වීම අපට විශාල සතුටක් වුණා. ඒ වගේම මෙය OPPO ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුර වෙත කෙතරම් සමීප වී ඇත්දැයි යන්නට ඉතා හොඳ සාක්ෂියක්.”OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.
මොරටුව ප‍්‍රදේශයේ පදිංචි රංගිකා හංසිනි සහ ධනුෂ්ක ප‍්‍රනාන්දු මෙම තරගයේ ජයග‍්‍රහණය හිමිකර ගත්හ.

OPPO සමාගමේ අතිශය ජනප‍්‍රිය F-series දුරකථන එකතුවේ නවතම මාදිලිය වන OPPO F9 දුරකථනය, විනාඩි 5 ක ආරෝපණයකින් පැය 2 ක කථා කාලයක් ලබාදෙන VOOC Flash Charging තාක්ෂණය මෙන්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට හඳුන්වා දුන් Gradient Color Design නිමාවද සහිතව වෙළඳපොළට පැමිණේ.

‘Waterdrop Screen’ ලෙස හැඳිවෙන දර්ශන තිරය, 90’8] l ‘screen to body’. අනුපාතයක් මෙන්ම 3500 mAh බැටරියක්ද සහිත එය OPPO සමාගමේ තාක්ෂණික නිපුණත්වයට මනාව කැටිකරගත් දුරකථනයක් ලෙස හැඳින්විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button