දේශීය

“05 වසර ශිෂ්‍යත්වය අහෝසි කරන්න මම එකඟයි”

- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

05 වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටිනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ‘දරුවන් සුරකිමු’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමින්.

එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, 05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බවයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ළමා ප‍්‍රඥප්තියේ සඳහන් කාර්යයන් සහ වගකීම් ඉටුකිරීමට රජයක් ලෙස බැදී සිටිනවා සේම රටේ දරු පරපුර වෙනුවෙන් සියලූ යුතුකම් ඉටුකිරීමට තමා වගකීමෙන් කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button