ක්‍රීඩා

ලෝක කුසලානයට තව දින 98 යි – ක්‍රිකට් ඉතිහාසය

සිව් වසරකට වරක් එලබෙන ක්‍රිකට් ක්‍රීඩාවේ මහා මෞලි මංගල්‍යය එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාව ආරම්භ වෙන්න තව හරියටම තියෙන්නෙ දවස් 98 යි. අපි හිතුවා ඒ ලෝක කුසලානයට මේ විදිහට පෙරමං යන්න.

ලොව මුල්ම අන්තර්ජාතික ක්‍රිකට් තරගය වාර්තා වන්නේ ඇමරිකා මහද්වීපයෙන්. ඒ ක්‍රිස්තු වර්ෂ 1844 සැප්තැම්බර් 24 හා 25 කියන දවස් දෙකේ දි. ඒ තරගය පැවැත් වුනේ ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතර. නමුත්, පළමු නිල අන්තර්ජාතික ක්‍රිකට් තරගය විදිහට සළකන්නේ 1877 වසරේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවති ටෙස්ට් තරගය.

ක්‍රිකට් උපන් දේශය තමයි එංගලන්තය. 1877 අවුරුද්දෙ අන්තර්ජාතික ක්‍රිකට් තරග ආරම්භ කළාට පස්සෙ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ද්විපාර්ෂික වශයෙන් ටෙස්ට් තරග පැවැත්වුණා. පස්සෙ 1889 දී දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග සඳහා එක් කරගත්තා. ඉන් අනතුරුවත් මෙම රටවල් අතර ද්විපාර්ශවික ටෙස්ට් තරග පැවැත් වුණා.

1900 දී පැරිස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එක්කර ගත් අතර එහිදී මහා බ්‍රිතාන්‍යය ප්‍රංශය පරදවා ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තා. මේ තමයි ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එක් කර ගත්ත ප්‍රථම හා අවසාන අවස්ථාව.

ප්‍රථම වතාවට බහුපාර්ශවික තරගාවලියක් පවත්වනු ලැබුවේ 1912 දී. ඒ එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවති තුන්කොන් ටෙස්ට් තරගාවලිය. නමුත් එය අසාර්ථකවුණා. ඉන් අනතුරුව 1999 දී ආසියානු කුසලාන ටෙස්ට් තරගාවලිය පවත්වන තුරු බහුපාර්ශවික ටෙස්ට් තරගාවලි පවත්වා නෑ.

මුල දී රටවල් 03 කට පමණක් සීමා වූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කෙමෙන් කෙමෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ අනුව,

  • 1928 – බටහිර ඉන්දීය කොදෙව් දූපත්
  • 1930 – නවසීලන්තය
  • 1932 – ඉන්දියාව
  • 1952 – පාකිස්ථානය

වශයෙන් එක්දින තරග ඇරඹීමට පෙර ටෙස්ට් වරම් හිමිකර ගත්තා. එක්දින තරග ඇරඹීමෙන් පසු,

  • 1982 – ශ්‍රී ලංකාව
  • 1992 – සිම්බාබ්වේ
  • 2000 – බංගලාදේශය
  • 2017 – ඇෆ්ගනිස්ථානය
  • 2017 – අයර්ලන්තය

ටෙස්ට් වරම් ලැබා ගත්තා.


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග රචක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button