දේශීය

විදුමිණට පිරිවෙණට වසර 50යි – අභිමානවත් සැමරුම 25වන දා

මෙරට කීර්තිමත්ම පිරිවෙනක් වන මාරතුගොඩ විදුමිණ පිරිවෙන ස්වකීය පනස්වන සන්වත්සරය එළැබෙන 25 වෙනිදා අභිමානයෙන් සමරයි.

කිරිඳිගල්ලේ ශ්‍රී ධම්මරතන, මාරතුගොඩ ශ්‍රී ධම්මානන්ද, මාරතුගොඩ ශ්‍රී පඤ්ඤානන්ද යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1969 – පෙබරවාරි 24 දින විදුමිණ පිරිවෙන නමින් පිරිවෙනක් ආරම්භ විය. සිසුන් අට දෙනෙක් ගෙන් ආරම්භ වූ මෙම කුඩා පිරිවෙන අප්‍රමාණ බාධක, කරදර, කම්කටොලු හමුවේ අධ්‍යාපන අමාත්යාංශයේ ලියා පදිංච්ය කරා ගෙනයන ලදි. ඉන් අනතුරුව මහා පිරිවෙනක තත්වයට ද පත්ව ඇත.

පළමු පරිවෙණාධිපතීන් වහන්සේ ලෙස කිරිඳිගල්ලේ ශ්‍රී ධම්මරතන (වත්මන් ස්කැන්ඩිනේවියානු රටවල ප්‍රධාන සංඝනායක) හිමියන් පත් වූ අතර එම යුගය ඉතා ශීග්‍රයෙන් පිරිවෙන සංවර්ධනය විය. භෞතික අංශයෙන් මෙන් අභ්‍යන්තර අංශයෙන් ද ශිෂ්‍ය ප්‍රජාව අතින් ද ප්‍රදේශයේ පැවති මධ්‍ය මහා විද්‍යාල සමඟ සමගාමී ස්වරූපයෙන් පැවතුනි.

ඉන් පසුව පිරිවෙනේ පරිවෙණාධිපති තනතුරට පත් වූයේ යටදොළවත්තේ සුමනරතන හිමියන්ය. උන්වහන්සේ රාජකාරියට ප්‍රමුඛත්වය දුන් අතර පාන්දර තුනට කළුතර උඩුනුවරින් පිටත් වී උදේ 7.30 වන විට පිරිවෙනට පැමිණ ආයතනය වෙනුවෙන් අපරිමිත සේවාවක් ඉටුකළහ. (අද වනවිට අපවත් වී ඇත)

සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසා දරා ගෙන පිරිවෙන පවත්වාගෙන යාමට මාරතුගොඩ ධම්මානන්ද (හිටපු පිරිවෙන් පරීක්ෂක) හිමියන් අප්‍රමාණ වෙහෙසක් දැරූ අතර උන්වහන්සේට සහයෝගය හා කැපවීම වත්මන් කෘත්‍යාධිකාරී මාරතුගොඩ පඤ්ඤානන්ද හිමියන් ලබා දෙන ලදි.
අසූව දශකය තුළදී විදුමිණ පිරිවෙනෙන් සරසවි වරම් ලබන ලද සිසුන් ප්‍රමාණය අති විශාල විය. දිවයිනේ ප්‍රධාන විශ්ව විද්‍යාලවල වසර හතරේම විදුමිණ ශිෂ්‍යයෝ ගිහි හා පැවිදි වශයෙන් අධ්‍යාපනය ලැබුවෝය.
2006 වර්ෂයේ සිට 2018 දක්වා වසර වල මුළු දිවයිනේන්ම ප්‍රථමස්ථාන ලැබීමට නර්තන අංශය සමත්විය. සංගීත අංශයෙන් ද 2011 වර්ෂයේ සමස්ථ ලංකාවෙන්ම තෙවන ස්ථානය දිනාගෙන ඇත. ක්‍රිඩා ඉසව්වලින් ද කලාපය, පළාත්, දිස්ත්‍රික් ආදී වශයෙන් ස්ථාන ලබාගෙන කීර්තියක් හිමිකර ගෙන ඇත.

කෘතහස්ත පැවිදි යතිවරුන්, ආචාර්යවරුන්,වියතුන්,සිවිල් සේවකයින්, කලාකරුවන් මාධ්‍ය්වේදීන්, නීතීඥයින්,ව්‍යාපාරිකයින් ඇතුලු කීර්තිමත් ආදි සිසු පරපුරක් විදුමිණ පිරිවෙන සතුය.

50 වෙනි ස්වර්ණ ජයන්ති උත්සවය වෙනුවෙන් ඊට සමගාමීව ලේ දන්දීමේ ව්යාපාරයක් ද ශාස්ත්‍රීය සංග්‍රහයක් එළි දැක්වීම ද බොක්කාවල, මැදවල රෝහල් වල වාට්ටු දෙකක් පිළිසකර කිරීම ද වැඩිහිටි නිවාස වලට දානමය පිංකම් ආදී පිංකම් රාශියක් සිදුවන අතර සමස්ථ ආදී ශිෂ්‍යයන් ශාලාවක් සකසා පරිත්‍යාග කිරීම ද සිදුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button