විද්‍යාව

රාවණා 1- “ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව” නිර්මාණකරුවන්ගෙන් සමුගනී

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබ “ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට” කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාව සඳුදා (පෙබරවාරි 18) ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දුන්නේය.

එම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා දායක වූ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙම චන්ද්‍රිකාව ලබන අප්‍රේල් මාසයේදී ජපාන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් කක්ෂගත කරනු ලැබීමට නියමිත බවය.

මෙම චන්ද්‍රිකාව මාධ්‍ය වෙත හඳුන්වා දීම පසුගිය සිකුරාදා (පෙබරවාරි 15) සිදුකෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් ද ක්‍යුෂු තාක්ෂණ ආයතනයේදී (Kyushu Institute of Technology) පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button