දේශීය

“වතු කම්කරුවන්ගේ මූලික වැටුප උපරිමයෙන් ලබා දුන්නා”

ලංකා කම්කරු කොන්ග්‍රසය මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසයි

වතු කම්කරුවන්ට වැඩි කල රු 700 මූලික වැටුප පිළිබඳව වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඇතැම් සිවිල් සංවිධාන විවිධ චෝදනා නැගුවද වතුකරයේ ජනතාව එම වැටුප පිළිගෙන ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික හිටපු මධ්‍යම පලාත් අමාත්‍යය එම්. රමේෂ්වරන් මහතා පැවසීය.

රමේෂ්වරන් මහතා ඒ බව පැවසුවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ හැටන් නගරයේ පිහිටි එම පක්ෂ කාර්යයාලයේ ඊයේ (17) පස්වරුවේ පැවති මාධයය හමුවේදීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ වතුකරයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඇතැම් සිවිල් සංවිධාන වතු කම්කරුවන්ව නොමග යවමින් වතුකරයේ දේශපාලන බලය ඔවුන් සතු කරගැනිමට ක්‍රියා කරන බවයි.

තේ මණ්ඩලය සතු විශාල මුදලක් වතු සමාගම්වලට ලබා දීමට රජය කටයුතු කිරිම තුළ දැඩි අවධානමක් පවතින බවද රමේෂ්වරන් මහතා මාධ්‍යය හමුවේදි කියා සිටියා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ වාර්ෂිකව ලබා ගන්නා සමාජිකත්වය මෙවර වැඩි වි ඇති බවත්, එම වැඩි විම තුළ ලංකා කම්කරු කොන්ග්‍රසය තවදුරටත් වතුකරයේ ජනතාව පිළිගන්නා බවත් රමේෂවරන් මහතා මෙම මාධයය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූවා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button