විදේශීය

ළමුන් 276ක් අපයෝජනය කළ අපරාධකරුවෙකුට වසර 60ක සිරදඬුවමක්

ළමුන් 276ක් අපයෝජනය කළ බවට වරද පිළිගත් කොළොම්බියානු ජාතිකයකුට එරට අධිකරණය විසින් වසර 60ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ජුවාන් කාලෝස් නම් වන මෙම සැකකරු 2007 – 2008 කාලය තුළ මෙම අපරාධ සිදුකර ඇතැයි එරට මාධ්‍ය වාර්ථා සඳහන් කළා.

අපයෝජනයට ලක් වූ ළමුන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට ඔහු අන්තර්ජාලයට නිකුත් කර ඇති බවද වර්තා වනවා.

ව්‍යාජ හැඳුනුම්පතක්ද සමඟින් වෙනිසියුලාවේ මැරකයිබෝ නුවරදී පසුගිය වසරේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

මොහු අපයෝජනය කළ ළමුන්ව අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගනිමින් ඔවුන් බියකර මුදල් ලබාගෙන ඇතැයි නීතීඥවරු වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button