දේශීය

මිරිස්ස තල්මසුන් නිසා දිනකට රුපියල් ලක්ෂ 30ක ආදායමක්

මිරිස්ස තල්මසුන් නැරැඹීමෙන් දින 12ක් තුළ රුපියල් කෝටි තුනකට අධික ආදායමක් ලබාගත් බවත් දිනකට රුපියල් ලක්ෂ 30ක ආදායමක් ලබන බවත් මිරිස්ස වනජීවී කාර්යාලය සඳහන් කරනවා.

මේ මස 01 දින සිට ටිකට් පත් නිකුත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පියවර ගැනීමෙන් පසු මෙතරම් විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වූ බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දේශීය නරඹන්නකුගෙන් රුපියල් 150ක් අය කෙරෙන අතර, විදේශීය නරඹන්නකු වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 15ක මුදලක් අය කරනු ලබන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සජීවීව තල්මසුන් නැරැඹීම ඉතා ප්‍රීතිජනක අවස්ථාවක් වන අතර, පැයක මුහුදු ගමනකින් එම අවස්ථාව උදාකර ගත හැකි වන බවත් මිරිස්ස වරායෙන් සෑම දිනකම උදේ 7ට පිටත්වන තල්මසුන් නැරැඹීමේ යාත්‍රාවක ආසන කලින් වෙන් කර ගැනීම සඳහා 0713121061 අංකයට ඇමැතිය හැකි බවත් මිරිස්ස වනජීවී කාර්යාලය කියා සිටියා.

මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ට සේවා සපයන ආයතන 50කට අධික සංඛ්‍යාවක් පවතිනවා.

එම සතුන්ගේ ස්වභාවික පැවැත්මට අවහිර වන ලෙස යාත්‍රා පැදවීම, ආහාර ද්‍රව්‍ය දැමීම හෝ වෙනත් අපද්‍රව්‍ය දැමීම තහනම්.

නව ප්‍රවේශ පත්‍රය, මේ ක්ෂීරපායි සත්ත්වයන් සිටින මුහුදු සීමාවේ පමණක් යාත්‍රා කිරීමටත්, සත්ත්වයන් නැරැඹීමට නියමිත වේලාවන් හා දිනයට පමණක් වලංගු වන බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button