දේශීය

දැවැන්ත දිවියෙක් මද්දකට හසුවී මියයයි

හැටන්, දිඹුල ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මිය ගොස් තිබේ.

අඩි 4 ක් පමණ දිග, අඩි 3 ක් පමණ උස මෙම දිවියා හසුව අත්තේ, වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකටයි.

ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන් පසුගිය කාලයේ දිවියන් සැරිසැරිම නිසා වන ජිවි නිලධාරින් තේ වත්තේ සැරිසැරු දිවියන් රක්ෂිත වලට පලවා හැරිමට විශාල මෙහෙයුමක්ද සිදු කරනු ලැබීය.

මිය ගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා උඩවලව පශු සම්පත් රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු කරන බව වන ජිවි නිලධාරින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button