විශේෂාංග

වැලන්ටයින් කියන්නේ මරණයක් සැමරීමක්

ආදරය කියන පිවිතුරු හැඟීමත් එක්කම ආදරණීයන්ගේ දිනයත් ළඟට ඇවිල්ලා. ලෝකය පුරා බොහෝ ආදරණීයන් සැමරුම්පත්, තෑගි, මල් දීලා ආදරණීයන්ගේ දිනය සමරනවා. ආදරයේ පිවිතුරු බවත් රැකගෙන ආදරය කරන්න පුළුවන් නම් ඒක නේද සැබෑම ආදරය වෙන්නෙත්. ආදරණීයන්ගේ දිනය සමරන්න ලෑස්ති වුණත් නිකමට හරි හිතුව ද මොකක් ද මේ වැලන්ටයින් කියන්නේ, කොහොම ද මේ දවස යෙදුණේ ඇයි? ඒකට පෙබරවාරි 14ම තෝරගත්තේ කියලා හිතුවෙ නෑ නේද?

හිතපු අයත් ඇති. මොනව වුණත් මේ කතාව දන්නේ ටික දෙනයි. වැලන්ටයින් දිනය මූලික කරගෙන ගෙතුණු කතා කිහිපයක් තිබුණත් මේ කියන්න යන්නේ ඊට මූලාශ්‍ර වූ මූලික කතාවයි.

රෝමයේ හිටියා දෙවන ක්ලෝඩියස් (Claudius II) කියලා රජතුමෙක්. මේ රජතුමා රජ කරන දවස්වල එහි විශාල වශයෙන් යුද්ධ පැවතුණා. මෙතුමාගේ හමුදාවට සෙබලු වැඩි වැඩියෙන් තමන්ගේ රෝමයෙන් එකතු කරගන්න උවමනා වුණා. එකල රටවැසියන් ඔහුව හැඳින්වූවේ “නපුරු ක්ලෝඩියස්” (Claudius the Cruel) කියලා.

මේ හමුදාවට පිරිමි අය එන්න අකමැති තම ආදරය නැත්නම් පවුල්වල උදවිය නිසා කියලා මේ දෙවන ක්ලෝඩියස් රජතුමාට නිතරම හිතෙන්න ගත්තා. ඒ හින්දම ඔහු රෝමය තුළ විවාහයත්, විවාහ ගිවිස ගැනීමත් සම්පූර්ණයෙන් තහනම් කරලා දැම්මා.

ක්‍රිස්තු වර්ෂ 269 නැත්නම් දෙවන ශතවර්ශයේදී රෝමයේ හිටපු පූජකතුමෙක් වුණ ශාන්ත වැලන්ටයින්, ඔහුගේ යාළුවා වුණ ශාන්ත මේරියස් (Marius) එක්ක එකතුවෙලා මේ නපුරු ක්ලෝඩියස් රජතුමාගේ නීතියට විරුද්ධව යමින් රෝමය තුළ හිටිය පෙම්වතුන් හොර රහසේම විවාහ කරලා දෙන එක කරගෙන ගියා. කාලයක් මෙහෙම කරගෙන යන අතරේ ඔහුගේ ක්‍රියාව රජතුමාට ආරංචි වුණා.

ශාන්ත වැලටන්ටයින් හා ඒ සඳහා සහය දුන්නු ඔක්කොගේම වහාම හිස ගසා දමා මරණයට පත් කරන ලෙස රජතුමාගෙන් අණ ලැබුණා.

සිර මැදිරියේ ඉන්නකොට මේ වැලන්ටයින් ශාන්තුවරයාත් ප්‍රේමයෙන් බැඳුණා. ඒ නිතර ඔහුව බලන්න ආව ඒ ඔහුගේ බන්ධනාගාරයේ ආරක්ෂාවට හිටිය නියාමකයාගේ දුවත් එක්ක.

පෙබරිවාරි 14 වෙනිදා ඔහුගේ හිස ගසා දමා මරණයට පත් කරන්න කලින් වැලන්ටයින් ශාන්තුවරයා ඇයට ලිපියක් ලිව්වා…. අවසානයේ… ඔහු අත්සන් කළේ “මේ ඔබේ වැලන්ටයින්” ලෙසයි.

ක්‍රිස්තු වර්ෂ 469 වර්ෂ නැති නම් 04 වෙනි ශතවර්ෂයේ සිටි ගේලේසියස් පාප් වහන්සේ විසින් වැලන්ටයින් ශාන්තුවරයාට උපහාරයක් ලෙස පෙබරවාරි 14 වැනිදා නම් කරනු ලැබුවා.

අපි තෑගි බෝග දීලා මේ සමරන්නේ වැලන්ටයින් සාන්තුවරයා මරණයට පත් වූ දවසයි. ඔයා මේ සමරන වැලන්ටයින් දිනය එතුමාට ගෞරවයක් දක්වන්න පුළුවන් විදිහට සමරන්න. එතුමා නිසා මේ ලැබිලා තියෙන වැලන්ටයින් දිනය සමරන්න ඉන්න අවංක ආදරණීයන්ට සුබපතනවා හදවතින්ම. හැමදාමත් ආදරයෙන් ඉන්න.

මිනෝලි පීරිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button