ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙල 2019

පසුගිය සදුදා රාත්‍රියේ පැවති ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ඨතම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම දිනා ගැනීමට පැට් කමින්ස් සමත් වුණා. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ අදුරු යුගයට ආලෝකයක් එක් කළ ක්‍රීඩකයෙකු විදිහට තමයි බොහෝ දෙනෙක් පැට් කමින්ස්ව හදුන්වන්නෙ. 25 හැවිරිදි කමින්ස් පදක්කම දිනා ගත්තෙ මනාප 156 ක් ලබා ගෙන. ඔහුට පිටුපසින් හිටියෙ මනාප 150 ක් ගත්ත දග පන්දු යවන නේදන් ලයන් සහ මනාප 146 ක් ගත්ත ඔස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ නායක අරොන් ෆින්ච්.

මනාප ප්‍රකාශ කිරීමේ කාල සීමාව විදිහට දක්වලා තිබුණේ 2018 ජනවාරි 9 ඉදලා 2019 ජනවාරි 7 දක්වා කාල සීමාව ඒ කාලය තුළ පැට් කමින්ස් දවා ගෙන තියෙන කඩුලු සංඛ්‍යාව 44ක්. ඒ සාමාන්‍ය 25.61ක් රදවාගෙන. ඒ වගේම ඔහු අර්ධ ශතක දෙකකුත් රැස් කරගෙන තියෙනවා.

පැට් කමින්ස් ඉහළම සම්මානය හිමිකරගනිද්දි වසරේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩකයා කියන සම්මාන තුන වෙනත් ක්‍රීඩකයන් තුන් දෙනෙක් අතර බෙදිලා ගියා. ඇලන් බෝඩර් පදක්කම හිමිකරගත්ත ක්‍රීඩකයා මේ සම්මාන තුනෙන් එකක්වත් හිමි කරගත්තෙ නැත්තෙ 2014 වසරෙන් පස්සෙ පළමු වතාවට.

පසුගිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වගේම ඔස්ට්‍රේගියාව බිහිකරපු විශිෂ්ඨතම පිට දග පන්දු යවන්නා වන නේදන් ලයන් වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගත්තා. ඒ් මනාප 25ක් සමගින්. ඔහුට පිටුපසින් හිටියෙ මනාප 17 බැගින් ලබා ගත්ත පැට් කමින්ස් සහ උස්මන් කවාජා. නේදන් ලයන් පසුගිය කාල සීමාවේ දී ටෙස්ට් කඩුලු 49 ක් දවාගෙන තිබුනෙ 34.80 ක සාමාන්‍යයක් සමගින්.

එක්දින නායක අරොන් ෆින්ච් අභිබවා යමින් වසරේ එක්දින ක්‍රීඩකයා සම්මානය දිනාගත්තෙ තුන්ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොනිස්. මාර්කස් ගිය අවුරුද්දෙ කඩුලු 13 ක් බිද හෙළලා තිබුණා වගේම ඔහු තමයි ගිය වසරෙ ඔස්ට්‍රේලියාවේ වැඩිම අර්ධ ශතක ලාභයා (04). මාර්කස් ඉනිම 13 කදී රැස්කරගෙන තියෙන ලකුණු සංඛ්‍යාව 376 ක්.

මනාප ප්‍රකාශ කිරීමේ කාල සීමාවේ දී ශතකයක් සමග විස්සයි විස්ස ලකුණු 506 ක් රැස් කරගත් තුන්ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් දෙවෙනි වතාවටත් වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තා. ඒ මනාප 33 දිනා ගනිමින්. ඔහුට පිටුපසින් සිටියේ මනාප 30ක් දිනා ගත් ආරම්භක පිතිකරු ඩි ආර්කි ෂෝට්.

මෙම සම්මාන උළෙල සඳහා ක්‍රීඩකයන්, විනිසුරුවරුන් සහ මාධ්‍යය 3-2-1 අනුපාතයට මනාප ප්‍රකාශ කර තිබුණා.

ඇලන් බෝඩර් පදක්කම              – පැට් කමින්ස් (මනාප 156)

බෙලින්ඩා ක්ලාර්ක් පදක්කම        – එලීසා හේලි (මනාප 125)

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා       – නේදන් ලයන් (මනාප 25)

වසරේ එක්දින ක්‍රීඩකයා                – මාර්කස් ස්ටොනිස් (මනාප 30)

වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩකයා    – ගිලේන් මැක්ස්වෙල් (මනාප 33)

වසරේ එක්දින ක්‍රීඩිකාව                – එලීසා හේලි (මනාප 13)

බ්‍රැඩ්මන් වසරේ යොවුන් ක්‍රීඩකයා  – විල් පොකුව්ස්කි

වසරේ දේශීය ක්‍රීඩකයා                – මැතිව් වේඩ්


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර
ජනයුගය ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග රචක


මූලාශ්‍රය – www.foxsports.com.au

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button