දේශපාලන

ලංකා බැංකුවේ ‘නිරෝශන් ප්‍රේමරත්න’ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමය

නිධාන කතාව අංක 1 නිරෝශන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේ දී

මට ලංකාවෙ කොහෙවත් ඉඩ කඩම් නෑ. ව්‍යාපාරය කරන්න ගොඩනැගිල්ල ගත්තෙ මාසික කුලිය ලක්ශ 5ට. කී මනී ගෙවල මාස 6ක් ගොඩනැගිල්ල වහල තිබුනා. ඊට පස්සෙ ව්‍යාපාරය කරගෙන යන්න ණයක් ඉල්ලගන්න ඉඩමක් අවශ්‍ය උනා. යාලුවෙක් ඉඩමක් අවුරුදු 5කට ලියල දුන්න. ඒ ඉඩම බැංකුවේ තියල ණය අරං ව්‍යාපාරය කරගෙන ගියා. ණය වාරිකේ විතරක් රු 725,000යි.

නිධාන කතාව අංක 2 දෙරණ ‘මොකද උනේ….’

නිවේදක : ඒ ඉඩමෙ වටිනාකම කීයද?
නිරෝශන් ප්‍රේමරත්න : මිලියන තිස් (30+) ගානක්

නිවේදක : ඔබතුමා මාධ්‍ය ජීවිතේ ඉන්න කාලෙත් ව්‍යාපාර කලාද?
නිරෝශන් ප්‍රේමරත්න : අම්මෝ ඔව්. මට ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් තිබ්බ. වෙබ් සයිට්ස් කීපයක් තිබ්බ. සෙල්ලම් බඩු ව්‍යාපාරයක් තිබ්බ.

නිවේදක : නව ව්‍යාපාරයේ දෛනික ආදායම කීයද?
නිරෝශන් ප්‍රේමරත්න : රු 30,000ක් වගේ. (මාසිකව ලක්ශ 9ක් වගේ)

නිවේදක : ඔබතුමාගෙ නව ව්‍යාපාරයේ මාසික වියදම රු ලක්ශ 20ක් වගේ. හැබැයි ආදායම ලක්ශ 9යි. මෙහෙම ව්‍යාපාරයක් කරගෙන යාමේ සක්‍යතාව කොහොමද?
නිරෝශන් ප්‍රේමරත්න : මගේ පවුලේ සහෝදරයින්ට බාප්පගෙ පුතාට ව්‍යාපාර තියෙනව. ඔක්කොම සේල්ස් සෙන්ටර් 48ක් වගේ තියෙනව.

එනයින්,

‘නිරෝශන් ප්‍රේමරත්න’ ව්‍යාපාරික ණය යෝජනා ක්‍රමය යනු,

  • රටේ කිසිම තැනක ඉඩමක් අයිතිව තිබූ නැති අයෙකුට….
  • සරල ව්‍යාපාර කීපයක් තිබූ අයෙකුට….
  • කී මනී ගෙවා මාස 6ක් තිස්සේ ලක්ශ 5 බැගින් ගොඩනැගිලි කුලී ගෙවමින් වසා දමා තිබූ ව්‍යාපාරයකට…
  • එහෙත් පසු කාලීනව මාසික ආදායම ලක්ශ 9ක් ඉපයිය හැකි නමුත් මාසික වියදම ලක්ශ 20ක් වී අලාභය රු ලක්ශ 11ක් වන ව්‍යාපාරයක් සඳහා….
  • යාලුවෙක්ගෙන් වසර 5කට තාවකාලිකව ලියාගත් ගත් මිලියන 30 ගනනක ඉඩමක් ඇපයේ තබාගෙන රු මිලියන 43කට අධික

ණය මුදලක් ලබාදෙන ණය යෝජනා ක්‍රමයකි.

ඔබත් ලඟම ඇති ලංකා බැංකුවට ගොඩ වී අදම ‘නිරෝශන් ප්‍රේමරත්න’ ණය යෝජනා ක්‍රමය ගැන විමසන්න.

විමසීම් +94 (11) 220 3044 / 220 3045


පණ්ඩුල නයන බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button