සමාජ

ක්‍රොකඩයිල් මත්ද්‍රව්‍යය ගැන දැනගන්න (අධි සංවේදී ඡායාරූප සහිතයි)

“ක්‍රොකඩයිල්” යනු මෑත කාලයේ ලෝකය පුරා සිඝ්‍රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිත මත්ද්‍රව්‍යයකි. හෙරොයින් වලට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි වීම සහ මිල අඩු වීම එය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවක් වී තිබේ. එමෙන්ම එහි තිබෙන ඇබ්බැහි වන සුළු ස්වාභාවය නිසා මේ වනවිට ලෝකය පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති වී තිබේ.

සමාජවාදය බිඳවැටුනු පසු රුසියාවේ වැඩි වශයෙන් “ක්‍රොකඩයිල්” පැතිර ගිය අතර මේ වනවිට මෙක්සිකෝවද ඊට ගොදුරු වී ඇත. යුරෝපයේ සහ ඇමරිකාවේද දැන් එය ජනප්‍රිය වෙමින් පවතී.

කෝඩීන්, පෙට්රල්, තිනර්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අයඩින් සහ රතු පොස්පරස් යොදාගෙන මෙය පහසුවෙන් නිපදවා ගත හැකි වීමද “ක්‍රොකඩයිල්” වසංගතයක් ලෙස ලොව පුරා පැතිරී යාමට එක් හේතුවක් වී තිබේ.

එහෙත් එය පානය කිරීම නිසා ශරීරයට සිදුවන හානිය කෙතරම්ද යත් භාවිතා කරන්නෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර දෙකක් පමණ වේ. එමෙන්ම ඇතිවන සංකූලතා දැකීමට බිය උපදවන තරම් භයානක වේ.

හෙරෙයින් වලට වඩා ගොඩක් මිලෙන් අඩුයි මේක. 1g ලංකාවේ මුදලින් රුපියල් 1000 – 1500 යන ගානකට ගන්න පුලුවන්. හෙරොයින් වලට වඩා මිල ඉතාම අඩුවීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්‍රොකඩිල් ජනප්‍රිය වීමට හේතුවෙලා තියෙනවා.

අනෙකුත් මත්ද්‍රව්‍ය දිහා බලපුවාම ක්‍රොකඩිල් ශරීරයේ බාහිර පෙනුමට කරන හානියත් ඉතාම වැඩියි. ක්‍රොකඩයිල් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කිඹුලාට නේ. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ හම කොළපාටට හැරී කිඹුලෙක්ගේ මෙන් ඇගේ ගෙඩි ගෙඩි වගේ එනවා. අන්න ඒ හේතුවෙන් තමයි ක්‍රොකඩිල් කියන නම මේකට හැදිලා තියන්නේ.

ඒ වගේම ශරීරයේ මස් දියවී අස්ථි දක්වා පෑදෙන්න තරම් මේ මත්ද්‍රව්‍යය විෂයි. ශරීරයේ සංවේදීම ස්ථාන ඒ කියන්නේ ඇස ලිංගේන්ද්‍රය කියන ඒවා දිය කරලම යවන්න පුලුවන්.

ක්‍රොකඩිල් කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහියෙන් මිදෙන්නට අමාරුම මත්ද්‍රව්‍යය හැටියට මේක පෙන්නලා දෙන්න පුලුවන්.

මේකෙන් මිදෙන්න තරම් හරි බෙහෙතක් තවම සොයාගෙන නැහැ කියලයි සඳහන් වෙන්නේ. සමහර මත්ද්‍රව්‍ය වලට මනෝ වෛද්‍ය ප්‍රතිකාර යොදාගත්තත් මේකට ඒක සම්බන්ධ කරගැනීම දුර්වලයි මොකද ඒවා අහන්න මානසිකත්වයක් නැහැ කියලා තමයි මේ ගැන වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ මත්ද්‍රව්‍ය පාවිච්චිය අතඇරපුවාම මාස ගණනක් තිස්සේ දැඩි ශාරීරික සහ මානසික වේදනාවල් වලට මූණ පාන්න වෙන බවත් වාර්තා වෙනවා. නමුත් මෙහි විනාශකාරී තත්වය නිසා එතෙක් ජීවත් වෙයිද යයි සැකයක් මතුවෙනවා.


ප්‍රභාත් ධර්මප්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button