දේශීය

සත්‍යග්‍රහයට නායකත්වය දෙන පූජකයාගේ මෝටර් රථයට මැර ප්‍රහාරයක්

වතු කම්කරුවන්ට රුපියල් 1000ක මුලික වැටුපක් ඉල්ලා හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ වතුකම්කරුවන් පිරිසක් ඊයේ (03) ආරම්භ කල සත්‍යග්‍රහයට නායකත්වය ලබාදෙන සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති සහ කදුරට හින්දු පුජක සංවිධානයේ ලේකම් ශ්‍රිව ශ්‍රි වේලු ශර්මා පුජකවරයාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් පහරදී අලාභ හානි සිදු කර ඇත.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස පුජකවරයාගේ නිවස ඉදිරිපිට ගාල් කර තිබූ මොටර් රථයට ත්‍රිරෝද රථයකින් පැමිණි නාදුනන තිදෙනෙකු විසින් අද (04) අලුයම 12.30 ට පමණ මුගුරු වලින් පහර දි පලාගිය බවයි පුජකවරයා කියා සිටින්නේ.

වතු කම්කරුන්ට රුපියල් 1000ක මුලික වැටුපක් ලබාදෙන ලෙස වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ ඊයේ සිට ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට තමන් සහභාගි වි එයට නායකත්වය ලබා දි ඊයේ රාත්‍රි 12 ට පමණ තම නිවසට පැමිණ රාත්‍රි ආහාරය ගනිමින් සිටියදි කොටගල මේෆිල්ඩ් වත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයෙන් පැමිණි තිදෙනෙකු විසින් පහර දි පලා ගිය බවත්, පහර දිමෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් පුජක ශ්‍රිව ශ්‍රි වේලු ශර්මා පුජකවරයා කියා සිටිනවා.

වතුකරය නියෝජනය කරන දේශපාලඥයින් මෙම පහර දිම සිදු කරන්නට ඇති බවත්, 71 වන නිදහස් සැමරුම් දිනයේදි රට තුල කිසිදු නිදහසක් නොමැති බවත්, මෙම පහර දිම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ශ්‍රිව ශ්‍රි වේලු ශර්මා පුජකවරයා ඉල්ලා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ පවත්වන අතර ඊයේ ආරම්භ කල සත්‍යග්‍රහය දෙවනි දිනටත් ක්‍රියාත්මකයි.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button