සමාජ

“හීන ගොඩක් තියෙන ළමයි ගොඩක් ඉන්නවා”

හැම ළමයෙක්ම අපි නොදකින විශ්මිත අනාගතයක කොටසක්. එයාලා දරාගෙන ඉන්නේ ඒ අනාගතයේ අත්තිවාරම්. අපට අතහැරුනු, අපි අතහැරපු හැම ළමයෙක්ම ඒ අනාගතයේ කොටසක්.

ගම්පොල දේවි බාලිකා විදුහල ඒ වගේ ළපටි හිත් ටිකකට සෙවණ දෙන පුංචි පාසලක්. පේරාදෙණිය ජාතික විද්‍යාපීඨයේ අපි අපේ පාසල හා ප්‍රජාව ව්‍යාපෘතියට මෙවර තෝරගන්නෙ ඒ පාසල. කල යුතු වැඩ බොහෝමයක් අතර නගා සිටවිය යුතු බොහොමයක් දේ අතර අපි අපට කරන්න පුළුවන් උපරිමය කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ ව්‍යාපෘතියට අපි එකතු කරගත්තු ආධාර මුදලට අමතරව අපට සම්පත් දායකත්වයක් දෙන්න පුළුවන් කවුරුමහරි ඉන්නව නම් ඒක අපට ලොකු උදව්වක්. අපට වඩා ඒක දරුවන්ට උදව්වක්. මොකද මේ පාසලට පැමිණෙන බහුතරයක් දරුවන් ගෙ දෙමාපියන්ට ඇතැම් පොත් පත් පවා ⁣දෙන්න ආර්ථික ශක්තියක් නෑ.

පාසලට හරිහමන් පුස්තකාලයක් නෑ. ඒකට අවශ්‍ය පොත් ඔබට හැකිනම් අපට ලබාදෙන්න. එක වසර සිට එකොළහ වසර දක්වාත් උසස්පෙල කලා විෂය ධාරාව සදහාත් පහත සදහන් විෂයන් වලට අදාලව,

ගණිතය, විද්‍යාව හා තාක්ෂණවේදය, ඉංග්‍රීසි, චිත්‍ර, සංගීත, නැටුම්, සිංහල, උසස්පෙල දේශපාලන විද්‍යාව, IT

මුළු පාසලේම ඉන්නේ ලමයින් දෙසියයක් පමණ. ඒ දරුවන්ට පොත, පැන්, පැන්සල් සපත්තු වගේ අත්‍යාවශ්‍ය දේවල් ඔබට හැකි නම් අපට ලබාදෙන්න.

ඒ වගේම අපට පාසල පිලිසකර කරන්න විශාල වශයෙන් අවශ්‍ය තීන්ත.ඔබට හැකි නම් එයින් දායකත්වයක් ⁣ලබාදෙන්න. කැලෑවට ගියපු හිස් බිත්ති දැනුමෙන් චිත්‍ර වලින් පුරවලා අපි එන්නම්.

සම්බන්ධ විය හැකි දුරකථන අංක – 0710708219

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button