දේශීය

මධුමාධව “සල්ලිවලට ඕනි දෙයක් කරන බල්ලෝ බැල්ලියෝ” කියලා කියන්නේ කවුරු ගැනද?

සමහර ප්‍රවීණයෝ කරන්නේ අසූචි වැඩ

පසුගියදා රජය විසින් වාරණය කරන ලද කලා නිර්මාණ කිහිපයක් පිළිබඳ කලාකරුවන් අතර සහ ජනතාව අතර බොහෝ කතාබහකට ලක් වුණා. මුහුණු පොතේ තැබූ සටහන්ද විශාල කතාබහකට ලක්වුණා. මේ සියල්ල පිළිබඳව අපි මධුමාධව අරවින්ද එක්ක සාකච්ඡා කළා.

 

රජය විසින් කලා නිර්මාණ කිහිපයක් පසුගියදා වාරණය කිරීම කලාකරුවෙක් විදියට දැනෙන්නේ කොහොමද?

මම හිතනවා අපි හැමෝම මිනිස්සු හැටියට හරි නිදහස්ව ජීවත් වෙන්න කැමති සත්ත්ව කොට්ඨාසයක්. අපි සත්තුන්ගෙන් වෙනස් වෙන තැන ඉඳලා අපිට සිද්ධ වෙනවා අකැමැත්තෙන් හරි යම් කිසි දේවල් කරන්න. “ඇඳීම” කියන එක්ක එහෙමයි. සමහර රටවල ඇඳුම් නැතිව ඉන්නෙත් මිනිස්සුම තමයි. වැද්දෝ හැටියට. මුදල් යහමින් තියෙන මිනිස්සු මුහුදු තීරවල ඇඳුම් නැතිව ඉන්නවා. ඒ දෙගොල්ලොම මිනිස්සු. ඒත් හැම රටකටම අයිතිවෙච්ච සංස්කෘතික රාමු තියෙනවා. අපිටත් ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් අවුරුදු ගාණක් කරන භාෂාවක්, සංස්කෘතියක්,නිදහසක් වගේ හැමදේම තියෙනවා. මම හිතනවා මේක වැරදියට වටහා ගන්න ඇතැම් පිරිස් නමක් හදාගන්න මිනිස්සුත් එක්ක නොහැකියාව වසාගන්න ඔවුන් සතු නොවන දෙයකට පරිභව කරලා නම හදාගන්න යනවා. අපේ රටේ මේ තියෙන නිදහස අයුතු විදිහට පාවිච්චි කරන මේ ගොල්ලන්ට දඬුවම් කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා.

 

මෙම නිර්මාණකරුවන් නොකියා කියපු දෙයක් තමයි බුදු දහම යනු දර්ශනයක් මිස ඇදහීමක් නොවන බව. එසේම ඔවුන් ප්‍රකාශ කළා මෙම නිර්මාණකරුවන් විවේචනය කරන්නේ දර්ශනය තුළ ජීවත් නොවන අදහන්නා බව. මෙය කොතරම් දුරට සාධාරණද?

මිනිහෙක් විශ්වාස කරන දේ ඇදහිල්ලක් හෝ දර්ශනයක් හෝ වේවා. ගහක් ගලක් වේවා අපිට විවේචනය කරන්න පුළුවන් ඒ දේ ගැන. හැබැයි පාවිච්චි කරන නම් අරගෙන අපේ නම් හදාගන්න එපා. ඔතන ඉන්න කලාකරුවොත් හරි ආසයි කියන්න අපිට ආගමක් නෑ. අපි හරි ලිබරල් ගංජා ගහන අය. ගංජා බොන්න තමන්ගේ ජීවිතේ වැටිච්ච තැනින් නැගිට ගන්න බැරි වෙන්න ලිබරල් වෙන්න හදන පිරිස් අමුතු ආකාරයෙන් හිතමින් සිංහල මිනිස්සු ගැන කතා කරන එක මාර අවුල්. ඉස්ලාම් හෝ අනිත් ආගම්වල එහෙම නෑ. ඔවුන් ඔවුන්ගේ ආගම ගැන කතා කරලා පොරවල් වෙනවා. ඒත් මෙහේ අපේ ගොබිලෝ චරිත වෙන්නේ අපේම පාත්තරේ අසූචි තවරලා. තමන්ට සෙවණ දුන්න ගහට ගල් ගහන එකා පරයා. ඒ නිසා මම කියන්නේ වීරකම බලු වැඩ කරන්න දුන්න ලයිසමක් නොවන බව ඔවුන් දැන ගන්න ඕනි. දීර්ඝ කාලයක් කලාව කරලා තියෙන්නේ රටට නෙමෙයි තමන්ට ඒක අමතක කරන්න එපා.
ඔය ලැයිස්තුවේ ඉන්න සමහරු හිතනවා හොඳ නළුවෝ, හොඳ ගායකයෝ කියලා. වෙන්න පුළුවන් හැබැයි ආගමට ජාතියට අත තියපුවාම කඩුවට, බුලට් එකට තොණ්ඩුවට ඒක අදාළ නෑ.

 

හැබැයි මෙම නිර්මාණ සමාජගත කරන්න රජය අවසර දෙනවා. ඒ වගේම වාරණය කරන්නෙත් රජය. ඒකත් එක්තරා ආකාරයක විහිළුවක් නේද?

ඇත්තම කතාව එහෙම රජයක් නෑනේ. බලයට එන්න බැරි කණ්ඩායම් දෙකක් එකතු වෙලා බලයට ආවාම අපි හිතන්නේ නෑ ඒක හරියයි කියලා. මේ ආණ්ඩුව සුප් එකක්නේ. ඡන්දේ කාලේට රනිල් මහත්තයට බණිනවා. ඡන්දේ ඉවර වෙලා දෙන්නා එකට. ඒ ගොල්ලෝ හරි කියන්නෙත් ඒ ගොල්ලෝ. හැබැයි මෙයාලා අදහන ආගමත් එක්ක මුන්ගේ මඟුල් ඕනි දෙයක් කරගත්තාවේ. ඒත් බුද්ධාගම දර්ශනයක් වුණත් ඇදහිල්ලක් වුණත් කරුණාකරලා ආගම් ටික පැත්තකින් තියලා වෙන විදිහකට පණිවිඩ දෙමු. මේක මෙහෙම නතර නොවුණොත් තවත් තරුණයෙක් හිතනවා මමත් නමක් හදා ගත්තා නම් මමත් කෙළිනවා මේකට කියලා එහෙම වුණාම හරිද?

 

දේශීය නිර්මාණ වාරණයට පෙර විදේශීය මෙගා නිර්මාණ වාරණය කළ යුතුයි කියලා සමහරු හඬ නගනවා නේද?

මේ වාරණය කියන එක වෙන මාතෘකාවක්. ඒකදී මෙහෙම ගමුකෝ අපි ලිංගිකත්වයේ නිදහස ගැන කතා කරනකොට අපි වැඩිපුරම කියන වචනය “අම්මට” කියන වචනයනේ. ඒක අපි අම්මත් එක්ක කතා කරන්න ගියොත් හෙන අවුලක්නේ. හැබැයි නිදහස ගැන කතා කරන්න ඕනි. ඒකට බෞද්ධකම ගාවගත්තම තමයි අපිට ඔය වාරණ කියන්න වෙන්නේ.

විදේශ රටකින් එන නාට්‍යයකින් හානියක් වෙනවා කියලා තමන්ගේ රෙද්ද උස්සලා පෙන්නලා හරියන්නේ නැහැනේ.

ඔතන ඉන්න බොහෝ පිරිසක් මේ ආණ්ඩුව ගේන්න දඟලපු අයනේ. ඉතින් රෙද්ද උස්සන් බොරුවට බෞද්ධ ආගම උඩ අසූචි තරවලා විදේශ නාට්‍ය නවත්වන්න එපා. ඔයගොල්ලෝ බිහි කරපු ආණ්ඩුවේ ඉන්න බලධාරින් කැඳවලා ඒ තීන්දු තීරණ ගන්න.

 

ඔබ චෝදනා කරනවා සල්ලිවලට ඕනි දෙයක් කරන බල්ලෝ බැල්ලියෝ කියලා. ඒ චෝදනාව එල්ල වෙන්නේ ප්‍රවීණ කලාකරුවන් පිරිසකට?

මම ආයෙත් මතක් කරනවා. මම බය නැහැ. මම ගරු කරන්නේ මිනිස්සු දැකපු දේවල් වලට. මගේ මිත්‍රයොත් එතන ඉන්නවා. ඒත් මගේ මිත්‍රයෝ කියලා මගේ මල්ලි කියලා ඔවුන්ට ලයිසමක් ලැබෙන්නේ නැහැ. ධනංජය සිරිවර්ධන මේ රටේ අදහන දේවලට ගහගෙන ගියොත් ඔහුට පළවෙනි වෙඩිල්ල පත්තු වෙන්නේ මගෙන්.

ඒ නිසා ඔය කවුරුත් ලොකු නෑ. ඔය කවුරුත් නම හදාගන්නේ බත් කන්න, ගෙවල් ‍ෙදාරවල්, යාන වාහන ගන්න. එතනදී ඔවුන් රටට කරපු කීර්තියට ඔවුන්ට ගරු කළා. ගරු කර කර යද්දී අපේ සිතැඟිවලට අසූචි දාන වේලාවේ අනේ එයා පරණ කෙනෙක්නේ හරි හොඳයි, හොඳ නාට්‍යවලට හිටියේ කියලා බලාගෙන ඉන්න බෑ. මොන ප්‍රවීණයෙක් වුණත් ඔය වගේ අසූචි වැඩකට යද්දි හෙට හිතයි අර මධූලා වගේ එවුන් අපිට බල්ලෝ බැල්ලියෝ කියලා බණියි යකෝ කියලවත්.

මොකද ප්‍රවීණත්වය කියන්නේ වැරදි කරන්න දෙන ලයිසමක් නෙමෙයි. මම කියන්නේ රටකට ජාතියකට අපහාස වන දේවල්වලට සහභාගි වන එක බලු වැඩක්. බලු වැඩ කරන්නේ බල්ලෝ සහ බැල්ලියෝ.

 

නිදහස් මත දරන්න, නිදහස් නිර්මාණ කරන්න නිර්මාණකරුවකුට අයිතියක් තිබිය යුතුයි නේද?

අනිවාර්යෙන් තිබිය යුතුයි. නිදහස් මත කියන්නේ කුණු හරුප නෙමෙයි. ඇතැම් චිත්‍රපට තහනම් වුණ වෙලාවල් තියෙනවා. දරුවකු හා මවක අසීමිත කාමාශාවෙන් එකතු වෙන එකට නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ වෙනම අංශයක් විදිහට තියෙනවා.’අම්මා සමග වාසේ’ කියලා. හැබැයි අපිට තියෙනවා රැක ගත යුතු දෙයක්.

මම මේ රටේ නංගිලා මල්ලිලාට කියනවා මුන්ට අහුවෙන්නෙපා. ඔවුන් හෙළුවෙන් රඟයි බලයි. එතනින් එහාට කියන කතා. ගයේෂාට ඉන්න දුන්නාද ? නෑ. මාළු පියැඹුවේ මිනිස්සුනේ වෙන කොහෙද? මේ රටේ එතන ලිබරල් නෑනේ. ඔවුන්ගේ නැගණිය යවයිද නිරුවතින් රඟපාන්න. නෑනේ. කොහෙද මෙයාලගේ ලිබරල්. වෙන ගෑනුන්ගේ ඇඳුම් ගලවලා, වෙන ආගම්වලට පරිභව කරන්න කලින් තමන්ගේ ගෙවල් ඇතුළේ තමන්ගේ ජීවිත ඇතුළේ ලිබරල් වෙන්න. මම ජාතික ව්‍යාපාර එක්ක අවුරුදු ගණනාවක ඉඳලා වැඩ කරන මනුස්සයෙක්. මම තරම් නිදහස් මනුස්සයෙක් මට හමුවෙලා නෑ. මම මේ වෙලාවේ ඔවුන්ට පරිභව කළේ මේ වෙලාවේ ඔවුන්ගේ තියෙන නරක ගැන. ඒ නිසා මම බල්ලෝ කියන්නම්. හෙට දවසේ හොඳ නිර්මාණකට ගියොත් මම අත් දෙක උස්සලා වඳින්නම්. මම ඉල්ලනවා තරුණ කොටස්වලින් පාරේ දැක්කත් ගිහින් ආදරයෙන් කියන්න අපි ඔබට නොසෑහෙන්න ආදරය කළා. ඒත් දැන් නොසෑහෙන්න ඔබත් එක්ක තරහින් ඉන්නේ කියලා. මම කියනවා නිදහසේ ඕනි තැනක කතා කරන්න ඒත් මේ ජාතීන්ට ආගම්වලට පරිභව කරන්නෙපා කියලා මම ඉල්ලනවා.


හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button