දේශීය

වතු කම්කරුවනගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍ය වරයා ඉදිරියේදි අත්සන් කරයි

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කරයි.

වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන් අත්සන් කර ඇත.

මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රුපියල් 700ක් වශයෙන්ද තේ මිල අනුව දිනකට රු 50 මුදලක්ද අමතර තේ දළු කිලෝවකට රු 40 ක්ද වශයෙන් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවිමට නියමිත අතර මාස තුනක හිඟ වැටුප්ද ගෙවිමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකකට බලපැවැත්වෙන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටින්නේ.

අද අත්සන් කෙරුණු අවබොධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් ඇතුළු වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවෝ විරෝධතා පැවැත්වුහ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button