දේශීය

වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් 700 දක්වා වැඩි කරයි

රජයේ මැදිහත්විමක් නිසා වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකය ලබාදිම හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් පවසයි.

රජයේ මැදිහත් විමක් නිසා වතු කම්කරුවන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකයක් ලබාදිමට හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

තොණ්ඩමන් මහතා ඒ බව කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ඊයේ(26) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදිය.

මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රිවරයා කියා සිටියේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රුපියල් 200 කින් සහ පැමිණිමේ දිමනාව රුපියල් 50 කින් සහ අමතරව නෙලන තේ දළු කිලෝවක් සදහා රුපියල් 15 ක් වශයෙන් නව වැටුප් වැඩි කිරිම සිදු කල බවයි.
මේ අනුව වතුකම්කරුවෙකුගේ මුලික වැටුප රු 700 දක්වා ඉහල යන අතර, එක් දිනක් සේවයට වාර්තා කලද එම වැටුප ලැබෙන බවයි තොණ්ඩමන් මහතා පවසා සිටියේ.

වතු කම්කරුවන්ට ලබාදුන් නව වැටුපට වැඩියෙන් යම් මුදලක් ලබා දිමට කිසියම් පාර්ශවයක් ඉදිරිපත් වන්නේ නම් ඒ සදහා තම පක්ෂයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවද තොණ්ඩමන් මහතා පැවසිය.

වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වසර දෙකකට බල පැවැත්වෙන සේ ඉදිරි සතියේදි දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවත්, එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් පසු මාස තුනක හිඟ වැටුප්ද වතු කම්කරුවන්ට ලැබෙන බවයි තොණ්ඩමන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

වතු කම්රුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු සමාගම්වලට විරෝධය පා තොණ්ඩමන් මන්ත්‍රිවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨයන් මාස තුනක් තිස්සේ කළු ඇදුම් පැළද දැක් වු විරෝධය පසුගියදා (25) සිට අවසන් කර ඇත.

මාධ්‍යය හමුවේදී සිංහල භාෂාවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති පි.සත්තිවේල් මහතාත් අදහස් දැක්විය.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button