විශේෂාංග

“මාධ්‍යවලින් අපට මඩ ගැසීම ගැන පුදුම වෙන්නේ නැහැ”

මාධ්‍යවලින් අපට මඩ ගැසීම ගැන පුදුම වෙන්නේ නැහැ

රංග ශිල්පිනී
චාන්දනී සෙනෙවිරත්න

රංග ශිල්පිනී
කෞශල්යා ප්රනාන්දු

ජනවාරි 10 වැනිදා පැවැත්වූ විරෝධතාව ගැන මාධ්ය විසින් දැක්වූ ප්රතිචාරය දැනෙන්නේ කොහොමද?

කෞශල්යා ප්රනාන්දු:

මාධ්යවලින් හැම ප්රවෘත්තියක්ම වෙනස් කරලා තමයි පළ කරන්නෙ. අපේ විරෝධතාවයට හේතු වුණෙත් ඒක. ඒ තත්වයේම දිගුවක් තමයි එතැනදීත් අපි දැක්කේ. එදා අපට වැඩිපුරම විවේචන එල්ලකරපු මාධ්ය ආයතනය අපේ ලියුම අතට ගත්තේත් නැහැ. ඒක ගත්තානම්, ඒක බලලා හරි ඔවුන් කටයුතු කරන්න ඉඩ තිබුණා. ඒ ලියුමෙ තිබුණු කරුණු පෙන්වලා අපව විවේචනය කරන්න තිබුණා. ඒත් ඒ වෙනුවට බොරු තොරතුරු සමාජගත කළා. මාධ්යවලින් මඩ ගැසීම ගැන අපට ලොකු පුදුමයකුත් නැහැ. එකම දේ තමයි එක් ආයතනයකට විතරක් මේ තරම් කේන්ති ගියේ ඇයි කියලා. අපි තවත් ආයතනවලට ගියා. අපේ විරෝධය පළ කළා. මේ ආයතනයට ගියේ තවත් ආයතන කිහිපයකටම ගියාට පස්සේ. පුරවැසියෝ වශයෙන් විරෝධය පළ කරන්න අපට අයිතියක් තියෙනවානේ. රටේ නායකයා යම් උප්පරවැට්ටියක් කළා. ඒක නිරාකරණය වුණානේ. දැන් කිසිදෙයක් වුණේ නැහැ වගේ ඉන්න බැහැ අපට. ඒ කාලය තුළ ජනමාධ්ය වලින් කියපු දේවල් ගැන අමතක කරන්න බැහැනේ. ඒ නිසයි අපි සියලු මාධ්යවලට නිහඬ විරෝධයක් දැක්වුවේ. අපි අහවල් ආයතනයට ගියේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. අපි රජයේ සහ පෞද්ගලික ආයතනවලට ගිහිල්ලා විරෝධය පළ කළා. සමස්ථයක් ලෙස මාධ්ය විසින් අපි ගැන කියපු දේවල්වල හැටියට අපි පාරේදී ගුටි කන්න වුණත් ඉඩ තිබුණා. මොන තරම් වගකීම් විරහිත විදියටද වාර්තා කළේ.

චාන්දනී සෙනෙවිරත්න:

අපි ඉදිරිපත් වුණෙත් මේ තියෙන ප්රවෘත්ති විකෘති කරන්න එපා කියලා ඉල්ලන්න. ඒත් අපට මඩගහපු ආයතන විසින් කළෙත් තනිකරම අපේ කතා විකෘති කිරීම. ඔවුන් කළේ තනිකර බොරු කීම. අපි බෝම්බ ගහන්න ආවා වගෙයි වාර්තා කළේ. අපි කඩාගෙන පැන්නා කියලයි කිව්වෙ. කෞෂල්යා කීවේ ඇයට මේ ගැන පුදුමයක් නැහැ කියලා. පාලකයෝ පිළිබඳ හරි මාධ්ය ගැන හරි මටත් පුදුමයක් නැහැ. මේක තමයි ඒගොල්ලන්ගේ විදිය. ඇත්ත සොයාබලා කටයුතු නොකිරීම එදා ඉඳලාම ගෙනිච්ච දෙයක්. ඒක වාසි විදියට හැම පැත්තටම හරවාගන්නවා. දේශපාලනඥයා කරන්නෙත් ඒකමයි. ඇත්ත ගැන විමසිල්ලක් නැතිව කටයුතු කරනවා. ඒක ගැන මට පුදුමයක් නැහැ. එදා ඉඳලාම අපි හොඳ හිතින් කරන්න හදපු දේ අනෙක් පැත්තටත් වඩා අනෙක් පැත්ත හරවලා ඉදිරිපත් කරන්න තරම් බාල තත්වයකින් කටයුතු කරනවා කියන එක පැහැදිළියි. මට පුදුමයක් නැහැ. ඒත් මට හරිම පුදුමයි මහජනතාව මේක ගැන ප්රතිචාර දක්වන විදිය ගැන. මට ඒක ගැන නම් හරිම පුදුමයි. මේවායින් බැට කන්නේත් මහ ජනතාව. දරුවන් ගැන කැක්කුමෙන් කතාකරන්නෙත් මහජනතාව. දරුවන්ව හදාගන්න බැරි බව කියන්නේත් මහජනතාව. පිරිහීමක් ගැන කියන්නේ, සංස්කෘතිය ගැන කතාකරන්නෙ මහජනතාව. ටෙලිනාට්ය ගැන මැසිවිලි නඟන්නෙ මහජනතාව. සංස්කෘතිය වෙනස් කරන්නේ මාධ්ය. කොටින්ම විවාහ උත්සවයේ, ළමයෙක් වැඩිවියට පත්වීමේ සිටම කාරණා සියල්ල ඉන්දියානුකරණය වෙලා තියෙන්නෙ. මේවා අනුගමනය කරන්නේත් චැනල් වලින් යන රැල්ල හරහා. ඒත් සංස්කෘතිය මහා මුදුන් මල්කඩක් විදියට කතා කරමින් යන්නේත් මෙයාලාමයි. අපි එළියට බැස්සෙ අපි වෙනුවෙන්මයි. අපි මේක කරන්න හැදුවේ ඇයි කියලාවත් තේරුම් ගන්නෙ නැතිව මේ ගැන වපරැහින් බලන එක ගැනයි මම නම් පුදුම වෙන්නෙ. සමාජයට වගකියන කලාකරුවන් කිහිපදෙනෙක් විදියට මමත් කෞෂල්යාත් වගකීමෙන් යුතුව මේකට බැස්සේ. අනෙක් අය සිටියත් මම කතාකරන්නෙ අපි දෙන්නා ගැන. අපි හැමදාම කතාකරමින් හිටියා විතරයි මාධ්යවලින් කරන දේවල් ගැන. අපි මේක වෙනස් කරන්න පුංචි හරි දායකත්වයක් ලබාදෙන්න ඕනෑ කියලා හිතලයි මේකට සහභාගී වුණේ.
මට තියෙන අනෙක් පුදුමය තමයි මහජනයා ප්රතිචාර දක්වන විදිය. සමහර අය හොඳට තේරුම් අරන් වගකීමෙන් ප්රතිචාර දැක්වුවා. මම හිතන්නෙ ඒ අය අපි නිසා නෙවෙයි, කලින් ඉඳන්ම මේ ප්රශ්නය ගැන දැනගෙන හිටියා. අපේ විරෝධය එක්ක ඒ අය අපව අගය කරමින් කතාකළා.

ඒත් මේකට විරුද්ධව කැත විදියට කතාකරන අය අතරේ තියෙන්නෙ මොකක්ද. ගොඩක් අයට මම කියන්න යන දේ ගැන තරහා යයි. ඒත් මෙතැනට ආපු සමහර චරිත වලට කැත විදියට මඩ ගැහුව එක තුළ ඒ අයගේ මානසිකත්වය හොයන්න වෙනවා. මෙතැන තියෙන්නෙ සමහර චරිත ගැන ලිංගික ඊර්ෂ්යාවක්. සමහර චරිත ගැන ඔවුන් ලැදියි. ආශක්තයි. තමන්ට හිමි නැති දේ හෙළා දකින අන්දමේ අදහස් තමයි ඔවුන් දක්වලා තිබුණේ. සමාජයේ තියෙන රෝග ටික පේන්න ගත්තා මේක හරහා.

අපව පහසුවෙන්ම අන්දන්න පුලුවන් දේවල් තියෙනවානේ. යන්ත්ර සූත්ර, වාලම්පුරි වගේ දේවල් හරහා මේ චැනල් කරගෙන යන බුද්ධියට නිගා කිරීම හා ඒවා හරහා දේශපාලනය කරන අය ප්රයෝජනයට ගැනීමෙන් වෙන අගතිය ගැන කතාකරන්නයි අපි අපේ ජීවිත කාලයෙන් පොඩි වෙලාවක් හරි ගත්තෙ. දේශපාලනය කරන අයටත් මාධ්යවල ඉන්න අයටත් ඒකට නිගා කරන්න පුලුවන් නම්, අපේ රට තියෙන්නෙ හරිම භයානක තැනක.

 

සමහර දේශපාලන නායකයන් පවා මේ විරෝධතාවය විවේචනය කරමින් අදහස් පළකරලා තිබුණා නේද?

කෞශල්යා:

අපි ගරු කරන අන්දමේ, විචාරයක් තියෙනවා කියලා හිතන දේශපාලන නායකයනුත් මේකට දාලා තිබුණ ප්රතිචාර දැක්කාම මට අනේ අපොයි කියලා හිතුණා. විචක්ෂණශීලීව වැඩ කරයි කියලා අපි හිතුවා. ඒත් ගහෙන් ගෙඩි එන්නා වගේ ඔවුන් කතාකරලා තිබුණා. සිද්ධිය ගැන දන්නේ නැත්නම් ටිකක් ඉන්න, මම සිද්ධිය බලලා කතාකරන්නම් කියලා කියන්න තිබුණානේ.
චාන්දනී: මේ වගේ සිදුවීමක් ගැන හදිසියේ කමෙන්ට් එකක් ඉල්ලුවාම, මේ රට පාලනය කරන අය වචන පිට කරන විදිය ගැන අපි බයවෙන්න ඕනෑ. වගකීමෙන් තොරව මේ විදියට කතාකිරීම ගැන පුදුමයක්නෙ. කෝල් කරලා මෙහෙම දෙයක් වෙනවා කියලා කිව්ව ගමන්, හාවා තල් අත්තට මොනවහරි වැටුණාම දුවනවා වගේ කමෙන්ට් දෙනවා. සමහර කලාකරුවන් හා කලාවට සම්බන්ධ අයගේ ප්රතිචාර ගැන නම් හිතන්න පුලුවන්. ඔවුන් පහුගිය ආණ්ඩුව තුළ විවිධ වරප්රසාද ලැබුව අය. මේ කාලයේදී ඒ වරප්රසාද නොලැබුණ නිසා වේදනාවෙන් ඉන්නෙ. තමන්ට වරප්රසාද ලැබෙන විදියෙ ක්රමයක් ක්රියාත්මක වෙනතුරු තමයි ඔවුන් කෑගහන්නෙ. අපට නම් කිසිම වරප්රසාදයක් ලැබිලා නැහැ.

 

මේ විරෝධතාව දක්වන්නට හේතු කාරණා ගැන තවත් ටිකක් කතාකළොත්….

කෞශල්යා:

අපි විරෝධතාවය දක්වන තැනට තල්ලු වුණේ පහුගිය වකවානුවේ සිද්දවෙච්ච, අපටම අදහාගන්න බැරි පුටු මාරුව නිසා. පුටු මාරු වෙච්ච ගමන් සිද්ධවුණ විපර්යාසය නිසා. එක දවසකින්, එක රැයකින් දේවල් එහෙම වෙනස් වෙන්නෙ කොහොමද. යහපාලනය ඇවිල්ලා මාස ගාණක් යනකොටත් දේවල් වෙනස් වෙන්නෙ කොහොමද. දවසක් උදේ වෙනකොට දේවල් වෙනස් වෙන්න පුලුවන්ද. ඉදිරි කාලයේදී මොනතරම් ව්යවසනයක් වෙන්න පුලුවන්ද. ඒක මඟහැරගන්න තමයි අපි එළියට බැහැලා විරෝධය පෑවේ. එක පැත්තක ප්රවෘත්ති විතරයි ඒ දවස්වල ගියේ. අපට කමක් නැහැ කාගේ ප්රවෘත්ති ගියත්. ඒත් මේවා කරන ක්රමයක් තියෙනවානේ. මේක රජය සම්බන්ධ ප්රශ්නයක්නෙ. අගමැති ධූරය සම්බන්ධ ප්රශ්ණයක්නෙ. එතකොට මධ්යස්ථභාවයක් තියෙන්න ඕනෑ නේද.

චාන්දනී:

පවුලක දේපල බෙදාගැනීමක් වගේ සිද්ධවෙච්ච ප්රාථමික අංශයේ වැඬේ නිසා අපට අන්තයටම කළකිරුණා. මාධ්ය ආයතනවලට කඩාපැනලා, එල්ලලා තිබුණු දේශපාලන නායකයන්ගේ පින්තූර ගලවගෙන වැඩ කරන්න පුලුවන්ද. මේවා නම් දිගින් දිගටම කළොත් මේක යුධ පිටියක් වෙයි. සරලවම කීවොත් ඒ කාලය තුළ ළමයෙකුට ප්රශ්ණ පත්තරයක් දීලා රටේ අගමැති කවුද කියලා ඇහුවොත් දෙන උත්තරය දන්නේ නැහැ.

 

මාධ්ය ඒ තරම් අර්බුදයක් තිබියදීත්, අර්බුදයක් නැහැ වගේ වැඩ කළා….

කෞශල්යා:

මාධ්ය එක මොහොතකටවත් කල්පනා කළේ නැහැ නීත්යානුකූල අගමැති කවුද කියලා. හැමෝම තම තමන්ගේ න්යායපත්ර වලට ගැලපෙන අය එක්ක බැඳුණා. එතකොට තොරතුරු සියල්ලන්ටම ලැබිය යුතුයි කියන විනිවිදභාවය කොහොමද.

 

චාන්දනී:

ගොඩක් වෙලාවට සාමාන්ය ජනතාව දන්නේ නැහැ හැම මාධ්ය ආයතනයක්ම දේශපාලන අතකොළුවක් කියලා. මාධ්යවල භාවිතය ගැන ඉතාම සරලම උදාහරණයක් මම කියන්නම්. මේවා ඇත්ත කියන්නේ නැහැ කියන එක. රූපවාහිනී සම්මාන උළෙලක් ගැන මාධ්ය වාර්තා කරන්නෙ කොහොමද. සාමාන්යයෙන් විවිධ සම්මාන ලැබෙන්නේ විවිධ නාලිකාවල විකාශය වුණ ටෙලිනාට්යවලටනේ. රාත්රී ප්රවෘත්ති විකාශයක මේ සියළු සම්මානලාභීන් ගැන තොරතුරු ගොනු වෙලා එන්න ඕනෑනේ. සම්මාන උළෙල ගැනනේ වාර්තා කරන්න ඕනෑ. ඒත් කාලයක ඉඳන් ඒ විදියට ප්රවෘත්ති වාර්තා කරනවාද. හැමෝම තම තමන් ගත්ත සම්මාන ගැන කියනවා. මම කියන්නෙ වෙනම හදන වැඩසටහන් ගැන නෙවෙයි. ප්රවෘත්තිය ගැන. එක් නාළිකාවක් විතරක් නරඹන කෙනෙක් එදා දවසේ සම්මාන උළෙල ගැන ඇත්ත ප්රවෘත්තිය දන්නෙ නැහැනේ. ඒ තරම් අන්තගාමී තැනට මාධ්ය පත්වෙලා තියෙන්නෙ.


තරිඳු උඩුවරගෙදර

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close