දේශීය

සංගා – මහේල – දර්ශන් ත්‍රිත්වයේ අලුත්ම අවන්හල මුම්බායි නුවර දී

මෙරට ප්‍රමුඛතම අවන්හලක් වන Ministry of Crab හි ව්‍යාපාරික හවුල්කරුවන් වන දර්ශන් මුනිදාස හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ සුසංයෝගයෙන් එළිදකින නවතම Ministry of Crab අවන්හල ඉන්දියාවේ මුම්බායි නුවර දී විවෘත වීමට නියමිතය. මේ පිළිබඳ වාර්තාවක් පළ කරමින් mid-day ප්‍රවෘත්ති අඩවිය කියා සිටින්නේ එළඹෙන පෙබරවාරි මාසයේ දී මෙම අවන්හල විවෘත කිරීමට නියමිත බවයි.

මුම්බායි නුවර 14th Road, Khar හි පිහිටි Tribhovandas Bhimji Zaveri (TBZ) ගොඩනැගිල්ලේ මෙම නවතම Ministry of Crab අවන්හල විවෘත වන බව එම ගොඩනැගිල්ලේ හිමිකරු වන Vijay Zaveri කියා සිටී. මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම ගොඩනැගිල්ලි වසර 25 ක් පුරාවට රන් ආභරණ සාප්පුවක් ලෙස ක්‍රියාත්මක වීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ TBZ ගොඩනැගිල්ලේ හිමිකරු Vijay Zaveri වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“TBZ ගොඩනැගිල්ලේ පහත මාලයේ අවුරුදු 25ක් පුරාවට තිබුණේ ආභරණ සාප්පුවක්. එය ගොඩනැගිල්ලේ තෙවන මහලට ගෙන යනවා. එය වර්ග අඩි 7,000 ක වපසරියකින් යුතු විශාල ප්‍රදේශයක්. මම හිතන්නේ ලබන මාසයේ දී Ministry of Crab අවන්හල එහි දී විවෘත වෙයි. එය ඉතා ජනාකීර්ණ ස්ථානයක්. ආභරණ සාප්පුව නිසා බොහෝ දෙනා මෙම ගොඩනැගිල්ල ගැන දන්නවා. Ministry of Crab මෙම ස්ථානයේ හොඳම මුහුදු ආහාර (seafood) කේන්ද්‍රයක් වනු ඇති බව විශාවාසයි.“

Ministry of Crab යනු ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ජනප්‍රිය සූපවේදියෙකු වන දර්ශන් මුනිදාස හා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරගේ හවුල්කාරීත්වයෙන් ඇරඹි ව්‍යාපාරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button