සමාජ

රුපියල් 1000ක දෛනික මුලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් යලිත් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂනවල නිරත වෙයි

තම දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරදෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂන ව්‍යාපාර පැවැත්වුවා.

හැටන්, බගවන්තලාව යන පොලිස් වසම් වලට අයත් ඇතැම් තේ වතු වල වතු කම්කරුවන් අද (23) දින වැඩ වර්ජනයක නිරතවෙමින් ප්‍රධාන මාර්ගවලට පිවිස කළු කොඩි අතැතිව උද්ඝෝෂන ව්‍යාපාරවල නියැලුණා.

වතු කම්කරුවන් කියා සිටින්නේ තම දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරදෙන බවට වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වි දින ගණනාවක් එම වෘත්තිය සමිති නායකයින්ගේ ඉල්ලිම පරිදි වැඩ වර්ජනයකද නිරත වු බවයි.

එම නායකයින් තම දෛනික මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර දිමට තවදුරටත් කටයුතු නොකිරිම හේතුව මත තමන් වැඩ වර්ජනය කරමින් මෙසේ උද්ඝෝෂන ව්‍යාපාර වල නිරත වන බවද උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියා.

බගවන්තලාව නගරයට පිවිසි වතුකම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂනයේ නියැලි සිටියා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය, වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය අතර අවස්ථා කිහිපයකම පැවති සාකච්ඡා වලදි වතු හාම්පුතුන්ගේ සංගමය අවධාරණය කර ඇත්තේ දැනට වතු කම්කරුවෙකුට දිනක මුලික වැටුප වශයෙන් ගෙවන රු 530 වැටුප රු 600 දක්වා වැඩි කිරිමට හැකි බවත්, වසරකට රු 25 බැගින් ඉදිරි වසර තුනක් ඇතුලත වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රු 675 දක්වා වැඩි කිරිමට හැකි බවයි.

එම යෝජනාව එම සාකච්ඡාවට සහභාගි වු වතු එකාබද්ධ වෘත්තිය සමිති මගින් ප්‍රතික්ෂේප කර ඇත.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

හැටන් ස්ටැඩන් උද්ඝෝෂනය


බගවන්තලාව නගරයේ පැවති උද්ඝෝෂනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button