ක්‍රීඩා

2022 ලෝක පාපන්දු කුසලාන ක්‍රීඩාංගණය එළි දක්වයි

2022 වසරේ ලෝක පාපන්දු කුසලාන අවසන් මහා තරඟ පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩාංගණය කටාරයේ එමීර්වරයා වන ෂෙයික් තමීන් බින් හමාඩ් අල්තානි විසින් එළිදක්වනු ලැබූ අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුලු ප්‍රභූන් රැසක් පැමිණ සිටියා.

අලුතින් බිහි කළ ලුසයිල් නගරයේ ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණයේ 80,000 කට පාපන්දු තරඟ නැරඹීමට හැකිවීම විශේෂත්වයක් වනවා.

දෝහා අගනුවර සිට කිලෝමීටර් 15 ක් නුදුරින් ඉදිකර ඇති ක්‍රීඩාංගනය ඇතුලු නගර ව්‍යාපෘතියට වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 45ක් වෙනවා.

2022 ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හිමිකරගෙන සිටින ස්වභාවික වායු සම්පතින් පොහොසත් කටාරය ඒ සඳහා ක්‍රීඩාංගණ 8ක් නිමවා තිබෙන අතර ඊයේ මෙලෙස විවෘත කෙරුණේ එහි 08 වන සහ අවසාන ක්‍රීඩාංගණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button