දේශීය

ඩොලරයේ අගය වැඩිවීම අනුව පිටි මිල ඉහළ දැමීමේ සූදානමක්

ඩොලරයේ වැඩිවීම හේතුවෙන් තිරිඟුපිටි නිෂ්පාදන සමාගම් තිරිඟුපිටි මිල වැඩි කිරීමේ සූදානමක් පවතින බවත් එසේ තිරිඟුපිටි මිල වැඩි කරනු ලැබුවහොත් අනිවාර්යයෙන්ම පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පාන් ගෙඩියක පමණක් මිල රුපියල් 5.00කින් ඉහළ දැමීමට සිදුවෙන බවත් සංගමය කියා සිටී.

විශේෂයෙන් ඩොලරය රුපියල් 175ට වඩා වැඩි වුවහොත් බේකරි හිමියන්ට තිරිඟුපිටි සඳහා බදු සහනයක් ලබාදෙන ලෙස ඩොලරය 170ට තිබෙන අවස්ථාවේ සංගමය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළ බව පැවැසූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා තිරිඟු පිටි මිල වැඩි කිරීමට තිරිඟුපිටි නිෂ්පාදන සමාගම් දෙකට ඉඩ නොදෙන ලෙස සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.


මහින්ද නිශ්ශංක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button