දේශීය

උඩවලවෙන් දිනකට ලක්ෂ 20ක ආදායමක්

උඩවලව ජාතික උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා,

එහි දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 20 ඉක්මවන බව උද්‍යාන භාරකරු ඩී.ඩී. සමරනායක මහතා කියා සිටී. දිවයිනේ ජාතික උද්‍යාන අතරින් වන අලි පහසුවෙන් නැරඹීම සඳහා සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණෙන්නේ මෙම උද්‍යානයටයි.

එහි සැරිසරන වන අලි සංඛ්‍යාව 500 කට අධික බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි. ජාතික උද්‍යානය පොලිතීන් හා වෙනත් අපද්‍රව්‍යවලින් අපවිත්‍ර නොකරන ලෙස එහි භාරකරු සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයත් සමඟ ජාතික උද්‍යානය කේන්ද්‍රකර ගනිමින් විවිධ වෘත්තීන්වල යෙදෙන පුද්ගලයින්ගේ ආදායම ද ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button