දේශීය

සේනා නුවරඑළියත් ආක්‍රමණය කරයි….

සේනා දළඹුවන් විනාශ කිරිමට ගොවින් පියවර ගනී.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමු විතිබෙනවා. ඒ හැටන් රුවන්පුර ජනපදයෙන්. හැටන් රුවන්පුර ගම්මානයේ ජනතාව කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපායක් ලෙස සිදු කරන අතර, එම ගොවින් එළවළු වගාව සහ තේ වගාව සිදු කරයි.

එම ගම්මානයේ ගොවියෙක් ඔහුට අයත් වගා භුමියේ ගෝවා, අමු මිරිස්, වගාව සිදු කරන අතරතුර අමතර ආදායමක් වශයෙන් බඩ ඉරිගු වගාවද සිදු කර ඇත. දින කිහිපයක සිට වගා කර තිබු බඩ ඉරිගු ගස් කිසියම් කෘමියෙකු විසින් විනාශ කරන බවට ඔහුට හැගි ගිය නිසා ඔහු ඒ පිලිබදව සොයා බැලිමේදි බඩ ඉරිගු ගස් වල සේනා දළඹුන් සහ සේනා දළඹුන් බිත්තර දමා ඇති බවට තහවුරු විමත් සමගම වගා කර තිබු බඩ ඉරිගු ගස් කපා විනාශ කිරිමට එම ගොවියා පියවර ගෙන තිබෙනවා.

හැටන් රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවා හමු විමත් සමගම සේනා දළඹුවන් එළවළු වගාවට සහ තේ වගාවට ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි පෙනී යන්නේ.

හැටන් සහ නුවරඑළිය ප්‍රදේශයේ රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් පවත්වාගෙන යන සත්ත්ව ගොවිපොලවල් වල ඇති කරන ගවයන්ට ආහාර පිණිස ලබා දීමට පිට පළාත් වලින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිර්දේෂයකින් තොරව දිනපතා බඩ ඉරිගු ගස් විශාල ලෙස ප්‍රවාහනය කරන අතර, එම බඩඉරිගු ගස් මගින් සේනා දළඹුවන් හැටන් ප්‍රදේශයට ව්‍යාප්ත වන්නට ඇති බවයි හැටන් රුවන්පුර ජනපදයේ ගොවින් අනුමාන කරන්නේ.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button