දේශීය

ගල් බෝරයකින් විසි වු විශාල ගලක් මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථයකට ගැටෙයි

ගැටිමෙන් බස් රථය තුල ගමන් ගත් මගින් නොසන්සුන්කාරි තත්ත්වයක, ගල් කොරියේ අයිතිකරු බලපත්‍ර නිති උල්ලංඝනය කර ඇති බව පොලිසිය පවසයි.

හැටන් සිට තලවකැලේ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට විශාල ගලක් වැදිම නිසා එම බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි කලබලයට පත් වි නොසන්සුන්කාරි ලෙස හැසිරි තිබෙනවා.

පසුගිය දා (16) පස්වරු 4.15 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු බස් රථයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදි මගින්ට බැසිම සදහා බස් රථය බස් නැවතුම්පොලේ නතර කරනවාත් සමග එක් වරම විශාල ශබ්දයක් සමග විශාල ගලක් තම බස් රථයේ පිටුපස වැදුණු බවයි බස් රථයේ රියදුරු එච්.පි සුරංග පියසේන මහතා කියා සිටින්නේ.

ගල බස් රථයේ වදිනවාත් සමග බස් රථයේ ගමන් ගත් මගින් කලබලයට පත් වි ඇති අතර පසුව එම මාර්ගයේ ගමන් ගත් අනෙක් වාහන සහ බස් රථයේ ගමන් ගත් මගින් බස් රථයෙන් බැස බස් රථයට වැදුණු ගල පිළිබඳව සොයා බැලිමකදි කරුණු අනාවරණය වි ඇත්තේ බස් නැවතුම්පොලේ සිට මිටර් 200ක් පමණ එපිටින් වු ප්‍රධාන මාර්ගය අභියස පිහිටි ගල් කොරියක ගල් කැඩිම සදහා පුපුරවා හරින ලද ගල් බෝරයකින් විසි වූ ගලක කොටසක් මෙසේ බස් රථයේ ගැටි ඇති බවයි.

බස් රථයේ රියදුරා සහ මගින් පවසන්නේ බස් රථයට වැදුණු කළු ගල බස් රථයේ ගමන් ගත් මගියෙකුට වැදුණේ නම් මිට වඩා විශාල අනතුරක් සිදු විමට ඉඩ තිබු බවයි.

මේ පිලිබදව සොයා බැලිමට අප එම ගල් කොරියට ගිය අවස්තාවේ අපට පෙනී ගියේ ගල් කොරිය පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබා දි ඇති බලපත්‍ර කොන්දේසි දැඩි ලෙස උල්ලංඝනය කරමින් ගල් කොරියේ අයිතිකරු විසින් සේවකයින් යොදා ගල් බෝර දමන බවයි.

ගල් කොරියක ගල් බෝර දැමීමට ප්‍රථම අනතුරු ඇගයිමේ සංඥාව නාද කල යුතු අතර ගල් බෝර දමන අවස්තාවේ පුපුරවා හරින ගල් පර්වතයේ කොටස් ඉවතට විසි නොවන ආකාරයට ඊට ඉහලින් වැලි කොට්ට ඇතිරිය යුතු අතර, ගල් බෝර දමන අවස්තාවේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර කිරිමට මාර්ගයේ දෙපස රතු කොඩියක් සහිතව සේවකයින් දෙදෙනෙකු යොදවා වාහන නතර කල යුතුය.

එවැනි කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් හැටන් කුඩාගම ප්‍රදේශයේ ගල් කොරි පවත්වාගෙන යන බවයි කුඩාගම ප්‍රදේශවාසින්ද පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අප හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම ගල් කොරිය බලපත්‍ර නිති උල්ලංඝනය කරමින් මහජන පිඩාවක් ඇති වන සේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබේන්නේ නම් ඒ පිලිබදව විමර්ෂණයක් ආරම්භ කරන බවයි.

ගල් කොරියක් පවත්වාගෙන යාමට මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාදෙන කොන්දෙසි අනිවාර්යයෙන් පිලිපැදිය යුතු බවත්, ගල් බෝර දමන අවස්තාවේ පොලිස් නිලධාරියෙකුගේ සහය ගල් කොරියේ අයිතිකරු විසින් ඉල්ලා සිටිය හොත් එම නිලධාරියාගේ සහය ලබා දිමට හැකි බවද මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියා.


චමත් කාවින්ද
ජනයුගය – හැටන් වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button